පසුගිය රාජපක්ෂ පාලන සමයේ කැබිනට් අමාත්‍ය ධුරයක් දරා පසුව ඉන් නෙරපා හරින ලද උදය ගම්මන්පිල, දේශපාලන වාසි තකා මාධ්‍ය ඉදිරියේ සිදු කළ අසත්‍ය ප්‍රචාරයන් යළිත් වරක් සාක්ෂි සහිතව බොරු බව ඔප්පු වී තිබේ. මුදල් අමාත්‍යාංශයේ විදේශ ණය දෙපාර්තමේන්තුවේ සේවය කළ රංග නිශාන්ත රාජපක්ෂගේ මරණය සම්බන්ධයෙන් ඔහු විසින් ගොඩනගන ලද සැක සහිත ප්‍රබන්ධයන් අධිකරණය හමුවේ මුළුමනින්ම බිඳ වැටී ඇත.
මෙම මරණය පිළිබඳව පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වූ සිව් පුද්ගල විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරීන්ගේ කමිටුව පවා දේශපාලන මඩ ප්‍රහාරවලට ලක් කිරීමට උදය ගම්මන්පිල ඇතුළු පිරිස කටයුතු කර තිබුණි. ඔවුන් දිගින් දිගටම උත්සාහ කළේ මෙය සංවිධානාත්මක ඝාතනයක් බවට සමාජය තුළ මතයක් ගොඩනැගීමටය.
කෙසේ වෙතත්, කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණයේදී ඊයේ (04) පැවැති සාක්ෂි විභාගයේදී මෙම සියලු කුමන්ත්‍රණකාරී ප්‍රකාශයන් නිශ්ප්‍රභ විය. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ විසින් අධිකරණය හමුවේ සාක්ෂි මෙහෙයවමින්, අධිකරණ වෛද්‍ය නිලධාරීන් ලබා දී තිබූ විද්‍යාත්මක වාර්තා එකින් එක විග්‍රහ කරනු ලැබීය. ඒ අනුව, මෙම මරණය කිසිදු සැකයකින් තොරව “සියදිවි නසා ගැනීමක්” බව වෛද්‍ය විද්‍යානුකූලව සනාථ විය.
නැවත නැවතත් අසත්‍ය ප්‍රකාශ කරමින් මහජනතාව නොමඟ යැවීමට සහ විමර්ශන නිලධාරීන්ගේ විශ්වාසනීයත්වය පලුදු කිරීමට උදය ගම්මන්පිල දරන උත්සාහය මෙම තීන්දුවත් සමඟ දැඩි දෝෂදර්ශනයට ලක්ව තිබේ. වෘත්තීය විමර්ශන කණ්ඩායම්වල නිගමනවලට දේශපාලන මඩ තැවරීමට ගත් උත්සාහය පරාජය වීම යුක්තියේ ජයග්‍රහණයක් ලෙස විචාරකයෝ පෙන්වා දෙති.