පාස්කු ඉරුදින එල්ල වූ ම්ලේච්ඡ ත්‍රස්ත ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ තවත් හමුදා නිලධාරීන් දෙදෙනෙකුට විදේශ ගමන් තහනමක් පැනවීමට කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන අද (03) නියෝග කළේය.
මෙම නියෝගය නිකුත් කෙරුණේ රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ, විශ්‍රාමික මේජර් ජනරාල් සුරේෂ් සලේ සැකකරුවෙකු ලෙස නම් කර ඇති නඩුව අද දින කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදීය.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හෙළිදරව් වී ඇති නවතම කරුණු සහ සාක්ෂි සැලකිල්ලට ගනිමින්, විමර්ශන කටයුතුවල ප්‍රගතිය සඳහා මෙම පියවර ගත් බව වාර්තා වේ. ඒ අනුව අදාළ තිදෙනාටම අධිකරණයේ පූර්ව අවසරයකින් තොරව මෙරටින් බැහැරව යාම මින් ඉදිරියට තහනම් වනු ඇත.