විහාරමහාදේවි උද්‍යානයේ පැවති සත්‍යග්‍රහය මෙහෙයවූ, ඊට මුදල් යෙදවූ සහ පිරිස් රැස් කළ පුද්ගලයන් පිළිබඳ තොරතුරු වාර්තා වී ඇති බව අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කරයි. පොලිසිය සහ අදාළ අංශ මඟින් ඒ අතර පවතින සම්බන්ධතා පිළිබඳ වාර්තා ලබාදුන් පසු තීන්දු ගන්නා බව පැවසූ අමාත්‍යවරයා, ජාතිය හෝ ආගම මුල් කරගනිමින් රට තුළ බෙදීම් හෝ අස්ථාවරත්වයක් ඇති කිරීමට කිසිවෙකුටත් ඉඩ නොතබන බව අවධාරණය කළේය.