හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු අද (02) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය වෙත කැඳවා තිබූ අතර, ඒ අනුව ඔහු එම ඒකකය හමුවේ පෙනී සිටියේය.
මෙම කැඳවීම සිදුකර ඇත්තේ පසුගියදා අතිවිශාල “අයිස්” මත්ද්‍රව්‍ය තොගයක් සහිත කන්ටේනර් දෙකක් සමඟ අත්අඩංගුවට ගනු ලැබූ සම්පත් මනම්පේරි නමැත්තා සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන විශේෂ විමර්ශනයකට අදාළවය. අදාළ මත්ද්‍රව්‍ය ජාවාරම හරහා උපයාගත් නීතිවිරෝධී වත්කම් හෝ මූල්‍ය ගනුදෙනු පිළිබඳව පවතින පරීක්ෂණවලට අදාළව හිටපු අමාත්‍යවරයාගෙන් කරුණු විමසීම මෙහි අරමුණ වී තිබේ.
නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් විසින් ජොන්ස්ටන් ප්‍රනාන්දුගෙන් පැය කිහිපයක කාලයක් ප්‍රශ්න කර ඇති අතර, සිද්ධියට අදාළව ඔහුගේ ප්‍රකාශයක් ද සටහන් කරගෙන තිබේ. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ දේශපාලන අධිකාරිය අතර පැවති බව කියන සබඳතා පිළිබඳව ද මෙහිදී අවධානය යොමු වී ඇති බව වාර්තා වේ.