ප්‍රභාකරන් තමන්ගේ දෙවියන් බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනාගේ සහයෝගය නාමල් රාජපක්ෂට ලබා දෙන බව ප්‍රසිද්ධියේ ම ප්‍රකාශ කර තිබේ.

ඔහු මේ බව සඳහන් කළේ උතුරු පළාත තමිල්නාඩුව සමඟ එක් කළ යුතු බවට බෙදුම්වාදී ප්‍රකාශයක් කර ඉතාම කෙටි කාලයකට පසුව ය. ඊයේ (19) පාර්ලිමේන්තුවේ කතා කරමින් ඔහු වැඩි දුරටත් සඳහන් කළේ 2029 ජනාධිපතිවරණයේ දී නාමල් රාජපක්ෂ ජනාධිපති ධුරයට පත් කරන බව ය.

රාමචන්ද්‍රන් අර්චුනා එම ප්‍රකාශය කළේ පිල්ලෙයාන් රණවිරුවෙකු බව උදය ගම්මන්පිල ප්‍රකාශ කර තිබෙන පසුබිමක ය. යුද්ධය අවසන් කිරීමේ 17 වෙනි සැමරුම පවත්වන අවස්ථාව වනවිට රාජපක්ෂ පවුල රාමනාදන් අර්චුනාලා ගම්මන්පිලලා සහ පිල්ලෙයාන්ලා එකට අත්වැල් බැඳ ගෙන සිටිති.

(LankaTruth)