ශ්‍රීලංකන් ගුවන් සමාගමට එයාර් බස් මිල දී ගැනීම සම්බන්ධයෙන් ගෙන ගිය ක්‍රියා මාර්ගවල දී නාමල් රාජපක්ෂ කොමිස් ගැනීමට ඍජුව සම්බන්ධ වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා හෙළි කර තිබේ.
ඔහු මේ බව හෙළි කර ඇත්තේ 2020 පෙබරවාරි 20 වෙනි දින එයාර් බස් මූල්‍ය කොල්ලය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ දී පවත්වන ලද විවාදයක දී ය.
බ්‍රිතාන්‍ය මහාධිකරණයක් ඉදිරියේ විභාග වූ නඩුවක දී මෙම මූල්‍ය කොල්ලය පිළිබඳව කරුණු තහවුරු වී තිබිණි. එම නඩු විභාගයේ දී ශ්‍රී ලංකාවේ රාජපක්ෂ පවුල සහ ඔවුන්ගේ සමීපතමයින් ද ඇමරිකානු ඩොලර් මිලියන 16.4ක කොමිස් මුදලක් ලබා ඇති බවට එකඟ වී ඇති බව තහවුරු විය. මෙම අධිකරණ තීන්දුව පදනම් කර ගනිමින් 2020 පෙබරවාරි 20 වෙනි දින මෙරට පාර්ලිමේන්තුවේ විවාදයක් පැවැත්වීය.
(LankaTruth)