රුමේනියාවේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා ලබාදෙන බව පවසා රුපියල් කෝටි දෙකකට අධික මුදලක් වංචා කළ හගුරන්කෙත ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු මන්ත්‍රීවරයෙකු ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. මැයි මස 01 වැනිදා මෙම අත්අඩංගුවට ගැනීම සිදු විය.
හගුරන්කෙත, රිකිල්ලගස්කඩ ප්‍රදේශයේ පදිංචි මෙම සැකකරු සහ ඔහුගේ බිරිඳ එක්ව දිවයිනේ විවිධ ප්‍රදේශවල පුද්ගලයින් රවටා රුපියල් ලක්ෂ 213 ක මුදලක් වංචා කර ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇත. මේ සම්බන්ධයෙන් කාර්යාංශය වෙත පැමිණිලි 16 ක් ලැබී තිබූ අතර, සැකකරුවන් විසින් මුදල් ලබාගන්නා පුද්ගලයින් වෙත ව්‍යාජ රැකියා ගිවිසුම් ද නිකුත් කර තිබේ.
ප්‍රධාන සැකකරු මීට පෙර වසර දෙකක කාලයක් රුමේනියාවේ රැකියාවක නිරතව සිට මෙරටට පැමිණි අයෙකු වන අතර, එම පළපුරුද්ද උපයෝගී කරගනිමින් මෙම මහා පරිමාණ ජාවාරම මෙහෙයවා ඇත. විදේශ සේවා නියුක්ති කාර්යාංශය සහ රාජ්‍ය බුද්ධි අංශය (SIS) එක්ව සිදුකළ සෝදිසියකදී හෙළි වූයේ, සැකකරු සිය ප්‍රදේශයෙන් පලාගොස් කඩුගන්නාව ප්‍රදේශයේ කුලී නිවසක සැඟවී සිටින බවයි.
අත්අඩංගුවට ගත් සැකකරු සහ ඔහුට සහාය වූ බිරිඳ මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මැයි මස 04 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කෙරිණි. මධ්‍යම අපරාධ විමර්ශන අංශයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කමල් ආරියවංශගේ අධීක්ෂණය යටතේ, විශේෂ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක පී.බී. ආරියසිංහ සහ පොලිස් පරීක්ෂක ටී.බී. ද අල්විස් ඇතුළු කණ්ඩායමක් මෙම වැටලීම සිදු කළහ.