ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තනීය කමිටුවේ සභාපති ධුරයට ඉරාන් වික්‍රමරත්න පත් කිරීමත් සමඟ සමගි ජන බලවේගයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයින් අතරින් විරෝධතා මතු වී තිබේ. පක්ෂයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර ලිඛිතව දැනුම් දී ඇත්තේ, මෙම තනතුර දරන්නේ නම් පක්ෂ සාමාජිකත්වයෙන් ඉවත් වන ලෙසයි. මීට අමතරව නිරෝෂන් පාදුක්ක ඇතුළු පිරිසක් ද මාධ්‍ය ඔස්සේ විවිධ ප්‍රකාශ සිදු කරමින් මෙම පත්වීමට එරෙහිව අදහස් පළ කරමින් සිටිති.

කෙසේ වෙතත්, මෙය අතුරු පාලක මණ්ඩලයක් ලෙස නොව, ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තනීය කමිටුවක් ලෙස ස්ථාපිත කර තිබේ. මෙම පත්වීම සම්බන්ධයෙන් ක්‍රීඩාලෝලීන්ගේ ඉහළ ප්‍රසාදය හිමිව ඇතැයි වාර්තා වේ.

එම කමිටුවේ සෙසු සාමාජිකයින් ලෙස සිදත් වෙත්තමුනි, රොෂාන් මහානාම, කුමාර් සංගක්කාර, තුෂාර රදැල්ල, ප්‍රකාශ ශාෆ්ටර්, අවන්ති කොළඹගේ සහ දිලාල් පිලිප් යන ක්ෂේත්‍රයේ ප්‍රවීණයින් පත් කර තිබේ.