සිය පියාගේ ප්‍රතිපත්ති ගැන පුරසාරම් දොඩන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, පෝය දිනක මැයි රැලියක් සංවිධානය කිරීමට යාමෙන් එක්සත් ජාතික පක්ෂයේ දැඩි උපහාසයට සහ විවේචනයට ලක්ව තිබේ.
සජබ මැයි රැලියට කළ ආරාධනාව ප්‍රතික්ෂේප කරමින් එජාප මහලේකම් තලතා අතුකෝරළ පෙන්වා දී ඇත්තේ, පෝය දිනවල දේශපාලනය කිරීම නුසුදුසු බවට ප්‍රතිපත්තියක් ගෙන ආවේ සජිත්ගේ පියා වන රණසිංහ ප්‍රේමදාස බවයි. පියාගේ ප්‍රතිපත්ති පාවා දෙමින් පෝය දා රැලියක් තියන සජබය සමඟ එක්වීමට තමන්ට කිසිදු සූදානමක් නොමැති බව ඇය සිය ලිපියෙන් දැඩිව අවධාරණය කර ඇත.
