ශ්‍රී ලංකාව මුහුණ දුන් විවිධ අභි­යෝග හමුවේ ඒවාට මුහුණ දී නිවැ­ර­දිව කළ­ම­නා­ක­ර­ණය කර ගැනී­මට දාය­ක­ත්ව­යක් සැපයූ දෙස් විදෙස් සියලු දෙනාට සුබ පතන බව අග­මැ­තිනි, ආචාර්ය හරිනි අම­ර­සූ­රිය මෙණෙ­විය පැව­සු­වාය. බුද්ධ­ශා­සන, ආග­මික හා සංස්කෘ­තික කට­යුතු අමා­ත්‍යාං­ශය සංවි­ධාන කළ සිංහල දෙමළ අලුත් අවු­රුදු සංස්කෘ­තික උත්ස­වයේ නැකැත් චාරිත්‍ර සිදු කිරීම අග­මැ­තිනි ආචාර්ය හරිනි අම­ර­සූ­රි­යගේ ප්‍රධා­න­ත්ව­යෙන් (14) ගම්ප­හදී සිදු කෙරුණු අතර එහිදී අග­මැ­ති­නිය එසේ පැව­සු­වාය. චාරි­ත්‍රා­නු­කූ­ලව පුණ්‍ය කාල­යේදී අග­මැ­තිනි ආචාර්ය හරිනි අම­ර­සූ­රිය මෙණෙ­විය ගම්පහ, මැද­ගම ශ්‍රී සුන­න්දා­රාම විහා­ර­ස්ථා­නය වෙත ගොස් ආග­මික වතා­ව­ත්වල නිරත වූ අතර, එහිදී ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ කාරක සංඝ සභික, මැද­ගම ශ්‍රී සුන­න්දා­රාම ධර්ම­දූත පිරි­වෙන් මහා විහා­රා­ධි­පති තුන්මෝ­දර සමිත හිමි­යන් බැහැ­දැක ආශී­ර්වාද ලබා ගත්තාය.

මෙවර අලුත් අවු­රුදු සංස්කෘ­තික උත්ස­වයේ චාරිත්‍ර කට­යුතු ගම්පහ දර්ශන වීර­සිංහ මහ­තාගේ නි‍ෙවසේ පැවති අතර, වැඩ ඇල්ලීමේ සුබ නැකත උදා­වී­මත් සමඟ නිවැ­සි­යන්ගේ ආරා­ධ­න­යෙන් වැඩ­ඇ­ල්ලීම සිදු කළාය. හරිනි අම­ර­සූ­රිය මෙණෙ­විය විසින් නි‍ෙවස පරි­ශ්‍රයේ පැළ­යක්ද රෝප­ණය කළාය. ඊට සම­ගා­මිව බුද්ධ­ශා­සන, ආග­මික හා සංස්කෘ­තික ඇමැති ආචාර්ය හිනි­දුම සුනිල් සෙනෙවි සහ විදේශ කට­යුතු හා සංචා­රක ඇමැති විජිත හේරත් ද එම පරි­ශ්‍රයේ පැළ රෝප­ණය කිරීමේ සත්කා­ර්ය­යට දායක වූහ.අන­තු­රුව අග­මැ­ති­නිය දරු­වන් සමඟ සාම්ප්‍ර­දා­යික ජන ක්‍රීඩා­වල ද නිරත වුවාය.

සුබ නැක­තට අධ්‍යා­පන කට­යු­තු­වල නියැ­ළුණු දරු­වන් සමඟ එක්වී අකුරු ලිවී­මට, කිය­වී­මට මඟ­පෙ­න්ව­මින් දේශයේ දරු­වන්ගේ අධ්‍යා­පන කට­යුතු සංව­ර්ධ­නය කිරීමේ සුබ කර්ත­ව්‍යය සනි­ටු­හන් කිරී­මට ද අග­මැ­ති­නිය මෙහිදී කට­යුතු කළාය.

අන­තු­රුව අග­මැ­ති­නිය අ‍ෙන­කුත් සම්භා­ව­නීය අමු­ත්තන් නිවැ­සි­යන් සමඟ ගනු­දෙනු කිරීම හා තෑගි හුව­මාරු කිරීමේ චාරි­ත්‍රය ඉටු කර නිවැ­සි­යන් සමඟ ආහාර අනු­භව කිරීමේ චාරි­ත්‍ර­යට ද එක්වූ­වාය.

බුද්ධ­ශා­සන, ආග­මික හා සංස්කෘ­තික ඇමැති, මහා­චාර්ය හිනි­දුම සුනිල් සෙනෙවි මහතා-

සූර්ය මංග­ල්‍ය­යෙන් නැවුම් බව හා පවි­ත්‍ර­තාව මූර්ති­මත් වෙනවා. සූර්යා අප සැමට ජීවය දෙන බව පසක් කරන සියලු දෙනාට සාම­යෙන් හා සෞභා­ග්‍ය­යෙන් පිරි අලුත් අවු­රු­ද්දක් ප්‍රාර්ථනා කරන බවත් පැව­සීය.

මුදල් හා ක්‍රම­ස­ම්පා­දන නියෝජ්‍ය ඇමැති සහ කම්කරු ඇමැති ආචාර්ය අනිල් ජයන්ත, කම්කරු ඇමැති මහින්ද ජය­සිංහ, ගම්පහ දිස්ත්‍රික් පාර්ලි­මේන්තු මන්ත්‍රී රුවන් මාප­ල­ගම මහ­ත්ව­රුන් ද ගම්පහ දිස්ත්‍රික් ලේකම්, නග­රා­ධි­පති, ප්‍රාදේ­ශීය ලේක­ම්ව­රුන් ඇතුළු රාජ්‍ය නිල­ධා­රීහු විශාල පිරි­සක් මේ අව­ස්ථා­වට සහ­භාගි වූහ.