යහපත් දේශපාලන සංස්කෘතියක් පිළිබඳව ආචාර්ය හර්ෂ ද සිල්වා විසින් සිය පක්ෂයට මඟපෙන්වීම් ලබා දුන්නද, සජිත් ප්‍රේමදාසගේ සමීපතම අනුගාමිකයන් වන මුජිබර් රහුමාන් සහ අජිත් පී. පෙරේරා තවදුරටත් අසික්කිත පාදඩ දේශපාලනයක නිරත වෙමින් සිටිති. තම පක්ෂයේම ජ්‍යෙෂ්ඨයින්ගේ මතය පවා නොතකා ක්‍රියා කරන මෙම කල්ලිය, සජිත් ප්‍රේමදාසගේ දුර්වල නායකත්වය හමුවේ ඕනෑම නින්දිත ක්‍රියාවක නිරත වීමට පසුබට නොවන බව මේ වන විට තහවුරු වී තිබේ.

පසුගියදා අභාවප්‍රාප්ත වූ රංග රාජපක්ෂගේ මරණය සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රචාර පතුරවමින්, මියගිය පුද්ගලයෙකුගේ දේහය මතින් දේශපාලන වාසි ලබා ගැනීමට මොවුන් දරන උත්සාහය දේශපාලන ලෝකයේ පිළිකුලට ලක්ව ඇත. මෙම සිදුවීම දේශපාලනයට යොදා නොගත යුතු බවත්, මරණකරුගේ පවුලේ සාමාජිකයන්ගේ කම්පනය තීව්‍ර නොකළ යුතු බවත් හර්ෂ ද සිල්වා අවධාරණය කර තිබියදීත්, සජිත්ගේ සමීපතමයින් එම මානුෂීය ඉල්ලීම පවා කුණු කූඩයට දමා ඇත.

මුජිබර් රහුමාන් සහ අජිත් පී. පෙරේරා යන මන්ත්‍රීවරුන් තම වරප්‍රසාදවලට මුවා වී නිල ලේඛන විකෘති කරමින් සමාජය නොමඟ යැවීමට කටයුතු කිරීම බරපතළ තත්ත්වයකි. පක්ෂය ඇතුළතින්ම එන සදාචාරාත්මක මඟපෙන්වීම් පවා පිළිපැදීමට නොහැකි තරමට පිරිහී ඇති මෙම කණ්ඩායම, සජිත් ප්‍රේමදාසගේ ආශිර්වාදය මැද රටේ පොදු දේශපාලන සංස්කෘතිය විනාශ කරමින් සිටිති.

LANKATRUTH