මෙරට ආහාර සුරක්ෂිතතාව තහවුරු කරමින් පෝෂණීය බව වැඩිදියුණු කිරීම සඳහා කෘෂිකාර්මික නිෂ්පාදනවල විප්ලවීය වෙනස්කම් සිදු කිරීමට සැලසුම් කර ඇති බව කෘෂිකර්ම, පශුසම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය ලාල්කාන්ත අවධාරණය කරයි.

“කුරක්කන් මිහිර” ව්‍යාපෘතිය දියත් කරමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළ අතර, අතිරේක ආහාර බෝග වගාව දිරිමත් කිරීම සඳහා විශේෂනාධාර හඳුන්වා දෙන බවද ඔහු ප්‍රකාශ කළේය.

ඉදිරියේදී එළඹීමට නියමිත එල් නීනෝ (El Niño) තත්ත්වයට සාර්ථකව මුහුණ දෙමින් සහ ආහාර සුරක්ෂිතතාව තහවුරු කරගනිමින්, වී වගාවේ අස්වැන්න අවම වශයෙන් අක්කරයකට බුසල් 180 දක්වා ඉහළ නංවා ගැනීමේ ඉලක්කය සාක්ෂාත් කර ගැනීම සඳහා වූ විද්‍යාත්මක සැලසුම් ද අමාත්‍යවරයා මෙහිදී හෙළි කළේය.