ඉතිහාසයේ පළමු වරට ප්‍රධාන ආදායම් ඉලක්ක 100% ඉක්මවයි
රජයට ආදායම් උපයා දෙන ප්‍රධානතම ආයතන තුන වන දේශීය ආදායම්, රේගු සහ සුරාබදු දෙපාර්තමේන්තු 2025 වර්ෂය සඳහා ලබා දී තිබූ ආදායම් ඉලක්ක ඉක්මවා යමින්, රුපියල් බිලියන 336.9ක (රුපියල් කෝටි 33,690) අතිරික්ත ආදායමක් උපයා ගැනීමට සමත්ව තිබේ. මෙය රාජ්‍ය ආදායම් ඉපැයීමේ ඉතිහාසයේ වාර්තාගත සිදුවීමකි. පසුගිය වසරේ කාර්ය සාධනයට අනුව, සුරාබදු දෙපාර්තමේන්තුව
Rebuilding Sri Lanka ජනාධිපති කාර්ය සාධක බලකාය පිහිටුවයි
‘දිට්වා’ සුළි කුණාටුවෙන් පසු ආපදා ප්‍රතිසාධනය, පුනරුත්ථාපනය සහ ප්‍රතිසංස්කරණ කටයුතු සම්බන්ධීකරණය කිරීම සඳහා ‘Rebuilding Sri Lanka’ ජනාධිපති කාර්ය සාධක බළකාය ඊයේ (31) පස්වරුවේ දී ස්ථාපිත කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරනු ලැබිණ. අග්‍රාමාත්‍යවරිය හරිනි අමරසූරිය ඇතුළු 25 දෙනෙකුගෙන් සමන්විතව කණ්ඩායමකින් මෙම බළකාය සමන්විත
ජනපති නව වසරේ දළදා සමිඳුන් වැඳ පුදාගනී
ජනාධිපති අනුර දිසානායක අද (01) පෙරවරුවේ ඓතිහාසික දළදා සමිඳුන් වැඳ පුදාගෙන උදා වූ නව වසරට ආශීර්වාද ලබා ගත් අතර අනතුරුව මල්වතු, අස්ගිරි මහා නා හිමිවරුන්ද බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය. අද පෙරවරුවේ ඓතිහාසික දළදා මාළිගාව වෙත ගිය ජනාධිපති දළදා සමිඳුන් අභියස පැවති ආගමික වතාවත්වලට සහභාගී වූ අතර උදා වූ නව වසරේ
ගාල්ල නගර සභාවේ ගාලගෝට්ටියක්: මන්ත්‍රීවරු වතුර බෝතල්වලින් ගහගනිති
ගාල්ල මහ නගර සභාවේ අද (30) පැවති විශේෂ මහා සභා රැස්වීම අතරතුර දැඩි උණුසුම්කාරී තත්ත්වයක් හට ගත්තේය. නගරාධිපතිවරයා සභාව ආරම්භ කිරීමත් සමඟම විපක්ෂ මන්ත්‍රීවරුන් සභා ලේකම්වරයා ඇතුළු නිලධාරීන්ට එරෙහිව විරෝධය පළ කිරීම මෙම ගැටුමට මුල් විය. මෙහිදී “හොරා හොරා අපේ ඡන්ද මංකොල්ල කෑවා” යැයි පවසමින් විපක්ෂ මන්ත්‍රීවරුන් සභාව මැද ඝෝෂා
දිට්වා ව්‍යසනයට සහන දෙන්න බිලියන 500ක පරිපූරක ඇස්තමේන්තුවක්; අද පාර්ලිමේන්තුවේදී විවාදයට
“දිට්වා” සුළි කුණාටුවෙන් සිදු වූ මහා විනාශයෙන් රට යළි ගොඩනැගීම සහ විපතට පත් ජනතාවට සහන සැලසීම අරමුණු කර ගනිමින් රුපියල් බිලියන 500ක පරිපූරක ඇස්තමේන්තුවක් රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ. කම්කරු අමාත්‍ය සහ මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත සඳහන් කළේ, ඊයේ (18) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ මෙම යෝජනාව
පාසල් වෑන්වලට CCTV අනිවාර්ය කෙරේ: කාන්තා හා ළමා හිංසනයට එරෙහිව රජයෙන් නව පියවරක්
පාසල් ළමුන් ප්‍රවාහනය කරන වෑන් රථ සඳහා සීසීටීවී කැමරා පද්ධති අනිවාර්ය කිරීමට කටයුතු කරන බව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක පවසයි. අද (24) පාර්ලිමේන්තුව අමතමින් ඔහු සඳහන් කළේ, පොදු ප්‍රවාහනය තුළ කාන්තාවන්ට සහ දරුවන්ට සිදුවන හිංසා සහ හිරිහැර වැඩිවී ඇති බවත්, එය අවම කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග
උතුරු සහ නැගෙනහිර ජනතාවගේ ගැටලුවලට නව දේශපාලන විසඳුමක්
උතුරු සහ නැගෙනහිර පළාත්වල ජනතාව මුහුණ දෙන ගැටලු සඳහා පැරණි දේශපාලන විසඳුම් තවදුරටත් සුදුසු නොවන බැවින්, ඒ සඳහා නව දේශපාලන විසඳුමකට එළඹීමේ අවශ්‍යතාව ජනාධිපති අනුර කුමාර දිසානායක අවධාරණය කළේය. ජනාධිපතිවරයා මේ බව පැවසුවේ, දෙමළ ජාතික සන්ධානයේ ඉල්ලීමකට අනුව, එම පක්ෂයේ නියෝජිතයින් සමග අද (19) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවති හමුවකදීය.
සියලු රාජ්‍ය ආයතන, පාසල් සහ විශ්වවිද්‍යාලවල මත්ද්‍රව්‍ය නිවාරණ කමිටු පිහිටුවන්නැයි නියෝග
සියලුම රාජ්‍ය ආයතන, පාසල්, විශ්වවිද්‍යාල සහ අධ්‍යාපන ආයතන තුළ “මත්ද්‍රව්‍ය නිවාරණ කමිටු” පිහිටුවීමට අදාළ චක්‍රලේඛයක් නිකුත් කරන බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අමාත්‍ය ආනන්ද විජේපාල ප්‍රකාශ කළේය. කළුතරදී පැවති උත්සවයකදී අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය. “සියලුම ආයතන ප්‍රධානීන්, තම ආයතනය මත්ද්‍රව්‍යවලින් තොර කලාපයක් බවට පත්කිරීමට වගබලා
කුමන බාධක ආවත් දිවි පරදුවට තබා සාධාරණ සමාජයක් හදන්න සටන් වදිනවා – ටිල්වින් සිල්වා
“තනතුරු ගන්න, දේපළ ගොඩනඟන අරමුණු අපට නැහැ. අප බලය අරගෙන තිබෙන්නේ ජනතාවට ඉහළින් ඉන්න නොවෙයි, මීට වඩා සැපවත්, ප්‍රීතිමත් ජීවිතයක් සමස්ත ජනතාවට ලබා දෙන්නයි, සමාජවාදී මූලධර්ම මත නිර්මාණය කරන ලස්සන සමාජයක් ගොඩනඟන්න යන මේ ගමන කිසිදු බාධාවකින් නතර කරන්න බැහැ කියන පණිවුඩය අපි ලබා දෙනවා. රෝහණ සහෝදරයා, ගමනායක සහෝදරයා ඇතුළු
රටම එකට’ මෙහෙයුම දිස්ත්‍රික් මට්ටමට: ගම්පහ දිස්ත්‍රික් මෙහෙයුම් සභාව ඇරඹේ
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීමට සමගාමීව, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පුද්ගලයින් පුනරුත්ථාපනය කිරීමේ මූලික පියවරද මේ වන විට ගනිමින් සිටින බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පවසයි. විෂ මත් උවදුර මැඩලීමේ “රටම එකට” ජාතික මෙහෙයුමට අදාළව, ගම්පහ දිස්ත්‍රික් මෙහෙයුම් සභාව පිහිටුවීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය. “රටම එකට” ජාතික මෙහෙයුම,