රාජ්‍ය සේවකයන්ගේ සහ විශ්‍රාමිකයන්ගේ වැටුප් විෂමතා නිරාකරණය කරමින් ප්‍රතිපත්ති තිරසාර ලෙස කළමනාකරණයට පියවර ගනිමින් සිටින බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද (24) පාර්ලිමේන්තුවේදී පැවසුවාය.
ඒ සඳහා පත් කළ වැටුප් හා විශ්‍රාම වැටුප් කොමිෂන් සභාව වසරක් ඇතුළත සිය නිර්දේශ ජනාධිපතිවරයා වෙත භාරදීමට නියමිත අතර, 2026 සැප්තැම්බර් 18 දක්වා එම කොමිසමට කිසිදු වියදමක් දරා නොමැති බවත්, සැප්තැම්බර් මස වැටුප් වශයෙන් එහි නිලධාරීන් සිව්දෙනෙකු වෙනුවෙන් රුපියල් 508,988.00 ක මුදලක් ගෙවීමට නියමිත බවත් ඇය සඳහන් කළාය.