ශ්‍රව්‍යාබාධිත ප්‍රජාවගේ අයිතිවාසිකම් සුරක්ෂිත වන පරිදි නව සංඥා භාෂා පනතක් සම්මත කිරීමට පියවර ගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් වසන්ත ද සිල්වා ප්‍රකාශ කරයි.
කොළඹදී පැවති ජාත්‍යන්තර සංඥා භාෂා දින සැමරුම් උත්සවයට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.
ශ්‍රී ලංකා බිහිරි ජනතාවගේ මධ්‍යම සම්මේලනය විසින් සංවිධානය කරන ලද මෙම උත්සවය, පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් වසන්ත ද සිල්වා සහ ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු නියෝජ්‍ය මහකොමසාරිස් රූඩ් බෙයාඩ් යන අයගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
මෙම සැමරුම් උත්සවයේදී ශ්‍රී ලංකා සංඥා භාෂා ශබ්දකෝෂයේ සිව්වන වෙලුම එළිදැක්වීම ද සිදු කෙරිණි.