මේ රට අපරාධ රාජ්‍යයක සිට සාමකාමී රාජ්‍යයක් දක්වා පරිවර්තනය කිරීම වෙනුවෙන් අවශ්‍ය ව්‍යවස්ථා සංශෝධන කිරීමට පවා කිසිසේත්ම නොපැකිළෙන බවට සහතික වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.
රටේ පොදු ජනතාවගේ සහ තරුණ පරපුරේ ආරක්ෂාව වෙනුවෙන් අවශ්‍ය නම් කිසිදු පැකිළීමකින් තොරව ව්‍යවස්ථා සංශෝධන පවා සිදු කරන බව ජනාධිපතිවරයා අවධාරණය කළේය. තිඹිරිගස්යාය ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේදී ඊයේ (03) පස්වරුවේ පැවති 160 වැනි පොලිස් දින සැමරුම් උත්සවයට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළේය.
මත්ද්‍රව්‍ය සහ සංවිධානාත්මක අපරාධ මැඬපැවැත්වීම වර්තමාන පොලීසිය සතුව තිබෙන ප්‍රමුඛතම රාජකාරිය බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, එම බිහිසුණු රකුසා මේ රටින් තුරන් කිරීමට පොලීසිය ඉටු කරන කාර්යභාරය අගය කරමින් ප්‍රණාමය පුද කළේය.
එමෙන්ම, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමඟ ගනුදෙනු කරන හෝ බිය නිසා ගොදුරු බවට පත්ව සිටින අතළොස්සක් වූ නිලධාරීන් වහාම මිලදී ගැනීමට නොහැකි නිලධාරීන් බවට පත්වන ලෙසත්, එසේ නොමැති නම් නිල ඇඳුම අත්හරින ලෙසත් ජනාධිපතිවරයා දැඩිව ඉල්ා සිටියේය. මහා ගෞරවයක් සහිත පොලීසිය අතළොස්සක් නිසා අපකීර්තියට ලක් නොවිය යුතු බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.