පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 451 දෙනෙකු සහ පාර්ලිමේන්තු නිලධාරීන් 115 දෙනෙකු 2016 වසරේ සිට 2024 වසර දක්වා සිදු කළ විදේශ සංචාර වෙනුවෙන් රුපියල් කෝටි 27කට ආසන්න මුදලක් වැය කර ඇති බව පාර්ලිමේන්තුව පිළිබඳ විශේෂ විගණන වාර්තාවේ දැක්වේ.
එහි දැක්වෙන පරිදි, පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 451 දෙනෙකු විසින් මෙම කාලසීමාව තුළ කරන ලද විදේශ සංචාර වෙනුවෙන් රුපියල් කෝටි 21කට ආසන්න මුදලක් වැය කර තිබේ. එසේම පාර්ලිමේන්තුවේ නිලධාරීන් 115 දෙනෙකු 2016 සිට 2024 දක්වා කාලය තුළ යෙදුණු විදේශ සංචාර අසූ තුනක් වෙනුවෙන් රුපියල් පන් කෝටි හැට නව ලක්ෂයකට වැඩි මුදලක් වැය කර ඇති බව එම විශේෂ විගණන වාර්තාව පවසයි.
පොදු රාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමය, අන්තර් පාර්ලිමේන්තු සංගමය සහ සාර්ක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සංගමය වැනි ජාත්‍යන්තර සංගම් වෙත මෙම විදේශ සංචාර සංවිධානය කරනු ලැබ තිබුණේ පාර්ලිමේන්තුවේ විදේශ සබඳතා හා සන්ධාන කාර්යාලය විසිනි.
කෙසේ වෙතත්, පාර්ලිමේන්තු නිලධාරීන් විදේශීය පුහුණු වැඩසටහන් සඳහා සහභාගි වීමෙන් ලබාගන්නා දැනුම සහ අත්දැකීම් සන්නිවේදනය කිරීමේ විධිමත් ක්‍රමවේදයක් පාර්ලිමේන්තුව තුළ නොමැති බව විගණන නිලධාරීන් නිරීක්ෂණය කර තිබේ. එසේම, පාර්ලිමේන්තුවේ නිලධාරීන්ට වැටුප් වර්ධක ලබාදීමේදී අනෙකුත් රාජ්‍ය නිලධාරීන් අභිබවා විශේෂ ප්‍රතිලාභ ලබාදීමට නිශ්චිත හේතුවක් විගණනයේදී නිරීක්ෂණය නොලැබුණු බව ද එම වාර්තාව සඳහන් කරයි.
Wait, පාර්ලිමේන්තුව පිළිබඳ මෙම විශේෂ විගණන වාර්තාව විගණකාධිපති සමුධිකා ජයරත්නගේ අත්සනින් යුතුව නිකුත් කර ඇත.