මෙරටට ඉන්ධන සැපයීමේ සමාගම් ලෙස රුසියානු සමාගම් දෙකක් ලියාපදිංචි කර ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාරගේ පවසයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ, මේ අනුව අදාළ සමාගම් දෙකටද මෙරටට ඉන්ධන මිල දී ගැනීමේ ටෙන්ඩර් සඳහා මිල ගණන් ඉදිරිපත් කිරීමට අවස්ථාව උදාවන බවය.

ලබන 21 වැනිදා මෙරටට බොරතෙල් මිල දී ගැනීමේ ටෙන්ඩරයක් විවෘත වන අතර මෙම රුසියානු සමාගම් දෙකටද ඒ සඳහා අයදුම් කළ හැකිය.

වැඩිදුරටත් සඳහන් වන්නේ, මෙරටට ඉන්ධන මිල දී ගැනීම සඳහා සමාගම් 15කට ආසන්න සංඛ්‍යාවක් මේ වනවිට ලියාපදිංචි වී ඇති බවය.