මුල්‍යා වංචාවක් සම්බන්ධයෙන් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශය මඟින් අත්අඩංගුවට ගත් මධ්‍යම පළාත් සභාවේ හිටපු මන්ත්‍රී මෙන්ම හිටපු ඇමති එස්.බී දිසානායකගේ සහෝදරයා වන හඟුරන්කෙත සජබ ආසන සංවිධානයක ජයලත් බණ්ඩාර දිසානායක ඇප මත මුදාහැර ඇති අතර ඔහුට අධිකරණය විසින් විදෙස් ගමන් තහනමක්ද පනවා තිබේ.

සැකකාර හිටපු පළාත් සභා මන්ත්‍රී ජයලත් බණ්ඩාර දිසානායක අද (15) නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙලෙම මිලියන 10ක ශරීර ඇප 2ක් සහ රුපියල් 50,000ක මුදල් ඇපයක් මත මුදාහැරීමට නියම කර ඇත.

ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ, සුරාබදු බලපත්‍රයක් ලබාදෙන බවට පවසා වීරකැටිය ප්‍රදේශයේ පුද්ගලයෙකුගෙන් රුපියල් දෙකෝටි හැත්තෑපන්ලක්ෂයක (රු. 27,500,000) මුදලක් වංචා කිරීම සම්බන්ධව මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශය වෙත ලද පැමිණිල්ලක් මත එම කොට්ඨාසයේ මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන අංශය මඟින් ආරම්භ කර ඇති විමර්ශනයක් මතය.