හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත් විජයමුණි සොයිසා අද (15) පෙරවරුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) හමුවට පැමිණ තිබේ. මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් දැනට ක්‍රියාත්මක කරනු ලබන විශේෂ විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා කළ දැනුම්දීමකට අනුව ඔහු මෙලෙස එම ඒකකය හමුවේ පෙනී සිට ඇත.
මෙම විමර්ශනය කුමන කරුණක් සම්බන්ධයෙන්ද යන්න පිළිබඳව නිල වශයෙන් මෙතෙක් අනාවරණය වී නොමැති වුවද, අදාළ නිලධාරීන් විසින් ඔහුගෙන් දීර්ඝ වශයෙන් ප්‍රකාශ සටහන් කරගැනීමට නියමිත බව වාර්තා වේ. පසුගිය රජය සමයේ සිදු වූ බව කියන මූල්‍ය අක්‍රමිකතා කිහිපයක් සම්බන්ධයෙන් මෙම විමර්ශන ක්‍රියාත්මක වන බව නීති ක්ෂේත්‍රයේ ආරංචි මාර්ග සඳහන් කරයි.