රාජපක්ෂ කඳවුරේ ප්‍රබලයන් ලෙස කටයුතු කළ ඩලස් අලහප්පෙරුම සහ ඩිලාන් පෙරේරා ඇතුළු හිටපු මන්ත්‍රීවරුන් පිරිසක්, පාස්කු ප්‍රහාරයේ සැකකරුවන් ආරක්ෂා කිරීම වෙනුවෙන් ව්‍යාජ ප්‍රචාරණ ව්‍යාපෘතියක් ආරම්භ කර තිබේ. හිටපු මන්ත්‍රීවරුන් නව දෙනෙකුගේ අත්සනින් ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත ලිපියක් යොමු කරමින් ඔවුන් උත්සාහ දරා ඇත්තේ, දැනට රඳවා තබාගෙන සිටින හිටපු බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේගේ තත්ත්වය සහ ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර ඝාතනයට ලක් වූ බිහිසුණු වාතාවරණය සමාන කිරීමටය.
මම මන්ත්‍රී කණ්ඩායම සිය ලිපිය හරහා සුරේෂ් සලේ වධහිංසාවට ලක්වන බවට පදනම් විරහිත චෝදනාවක් එල්ල කළද, එය අධිකරණ සාක්ෂි හමුවේ සහමුලින්ම බිඳ වැටී ඇත. සුරේෂ් සලේ රඳවා සිටින ස්ථානයට පුද්ගලිකවම ගොස් පරීක්ෂා කළ මහේස්ත්‍රාත්වරයා හමුවේ සැකකරු කිසිදු හිංසනයක් පිළිබඳ ප්‍රකාශ කර නොමැති අතර, අධිකරණයට ඉදිරිපත් කළ වෛද්‍ය වාර්තාව මගින් ද ඔහුට වධහිංසා පමුණුවා නොමැති බව විද්‍යාත්මකව තහවුරු කර තිබේ. මෙවැනි තත්ත්වයක් තුළ, පුද්ගලයන් 268 දෙනෙකුගේ ජීවිත අහිමි කළ ම්ලේච්ඡ පාස්කු ප්‍රහාරයේ සැකකරුවෙකු වෙනුවෙන් පෙනී සිටිමින් මෙලෙස අසත්‍ය කරුණු සමාජගත කිරීම ජාතික අපරාධයක් ලෙස විචාරකයෝ හඳුන්වා දෙති.
තවද, 1983 කළු ජූලිය සහ ඡන්ද කොල්ලය හමුවේ ජනතා විමුක්ති පෙරමුණ තහනම් කර, රෝහණ විජේවීර වැනි දේශපාලන නායකයෙකු අමානුෂික ලෙස ඝාතනය කිරීමේ ඓතිහාසික පසුබිම, මහා පරිමාණ මනුෂ්‍ය ඝාතන සම්බන්ධ සැකකරුවෙකු ආරක්ෂා කිරීමට යොදා ගැනීම විහිළුවකි. ඩලස් අලහප්පෙරුම, ඩිලාන් පෙරේරා, ඩී.බී. හේරත්, ගුණපාල රත්නසේකර, කරු කොඩිතුවක්කු, තිලක් රාජපක්ෂ, උපුල් ගලප්පත්ති, ලලිත් එල්ලාවල සහ කේ.පී.එස්. කුමාරසිරි යන අයගේ අත්සනින් යොමු කළ මෙම ලිපිය, පාස්කු විමර්ශන මඟහැරවීමේ සංවිධානාත්මක කුමන්ත්‍රණයක කොටසක් බව පැහැදිලි වේ.