සුරේෂ් සලේගේ බිරිඳ ඇතුළු පවුලේ මාධ්‍ය ප්‍රකාශකයා ලෙසින් පෙනී සිටීමට උත්සාහ කරන උදය ගම්මන්පිල ඇතුළු පිරිසගේ කුමන්ත්‍රණකාරී න්‍යාය පත්‍රය කුමක් දැයි ප්‍රබල සංවාදයක් හට ගෙ තිබේ.
විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ සුරේෂ් සලේ අත්තඩංගුවට ගත් පෙබරවාරි 25 වෙනි දින සිට මැයි මාසය අවසන් වන තෙක් නොතිබුණු දැඩි කලබලකාරී තත්වයක් ගම්මන්පිල ඇතුළු පිරිස ජනමාධ්‍ය සහ සුරේෂ් සලේගේ පවුලේ සාමාජිකයන් යොදා ගනිමින් නිර්මාණය කර තිබෙන බව ය. සුරේෂ් සලේ මාරාන්තික උපවාසයකට තල්ලු කළ ගම්මන්පිල ඇතුළු පිරිස ඔහුගේ මරණය ප්‍රාර්ථනා කරමින් ක්‍රියා කරන ආකාරය පසුගිය සතියක පමණ කාලයක සිට දැක ගත හැකි වේ.
ගෝඨාභය රාජපක්ෂ ඇල්ෆා නම භාවිතා කරමින් කුමන්ත්‍රණකරුවන් සමඟ සම්බන්ධතා පැවැත්වීම අධිකරණය ඉදිරියේ හෙළි වීමත් සමඟ ඇල්ෆා ඇතුළු තිදෙනෙකුට විදෙස් ගමන් තහනමක් පනවනු ලැබීය. මේ පිරිස ඉතාමත් කලබල වූයේ ඉන් පසුව ය.
පසුගිය පෙබරවාරි 25 වෙනි දින සුරේෂ් සලේ අත්තඩංගුවට ගත්තේ පෙත්තා යනුවෙන් හඳුන්වන බුද්ධි අංශ සාමාජිකයාගේ ප්‍රකාශයක්, රූමි යනුවෙන් පෙනී සිටින මනෝ වෛද්‍යවරයෙකු යැයි කියන පුද්ගලයෙකුගේ ප්‍රකාශයක් සහ සාරා ජස්මින්ගේ DNA වාර්තා වෙනස් කිරීමට සුරේෂ් සලේ විසින් කරන ලද බලපෑම යන කරුණු පදනම් කර ගෙන ය. ඔහු අත්තඩංගුවට ගැනීමෙන් පසුව කොළඹ කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා සලේව පරීක්ෂා කළ අතර, දැන් ප්‍රචාරය කරන ආකාරයේ කිසිදු හිංසනයකට ඔහු භාජනය වී නැතැයි තහවුරු විය. එසේ තිබියදී ගම්මන්පිල ඇතුළු පිරිස මේ වනවිට සුරේෂ් සලේ මාරාන්තික උපවාසයකට පොලඹවමින් ගෙන යන මාධ්‍ය සංදර්ශනය පාස්කු වින්දිතයන්ට යුක්තිය ඉටු වීම වැළැක්වීමේ කුමන්ත්‍රණයක් බව තහවුරු වී තිබේ.