ශ්‍රී ලංකාවේ මහජන සෞඛ්‍ය ක්ෂේත්‍රය අත්කරගෙන ඇති සුවිශේෂී ප්‍රගතිය අගයමින් ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) විසින් මෙරටට විශේෂ ඇගයීමේ සහතිකයක් පිරිනමා තිබේ. ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී පැවැති 79 වැනි ලෝක සෞඛ්‍ය සමුළුවේදී මෙම උපහාරය පිරිනැමීම සිදු විය.
මෙරට සෞඛ්‍ය සේවාව වෙනුවෙන් හිමිවූ මෙම සුවිශේෂී සහතික පත්‍රය, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස විසින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා අතින් නිල වශයෙන් භාරගනු ලැබීය.
ගෝලීය මහජන සෞඛ්‍ය ඉලක්ක සපුරා ගැනීම සඳහා ශ්‍රී ලංකාව දක්වන දායකත්වය සහ මෙරට ක්‍රියාත්මක නිදහස් සෞඛ්‍ය සේවාවේ කාර්යක්ෂමතාව මෙලෙස ජාත්‍යන්තරයේ ඉහළම ඇගයීමට ලක්ව තිබේ. මෙම ජයග්‍රහණය මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගුණාත්මකභාවය සහ ඉදිරි දැක්ම ලෝක මට්ටමින් තහවුරු කරන්නක් බව විචාරකයෝ පෙන්වා දෙති.