එංගලන්තයේ ලන්ඩන් නුවර පැවැත්වෙන විශේෂ රාජ්‍ය නායක සමුළුවක් සඳහා සහභාගී වීමට අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද (18) පස්වරුවේ දිවයිනෙන් පිටත්ව ගියාය.
අග්‍රාමාත්‍යවරිය ඇතුළු තිදෙනෙකුගෙන් සමන්විත කුඩා දූත පිරිසක් මෙම සංචාරයට එක්ව සිටින අතර, ඔවුන් අද පස්වරු 1.20 ට කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙන් මෙලෙස පිටත්ව ගොස් තිබේ. ශ්‍රීලන්කන් ගුවන් සේවයට අයත් යූ.එල්.- 403 දරන ගුවන් යානයෙන් ඔවුන් ලන්ඩන් බලා ගමන් ගත් බව ගුවන් තොටුපොළ ආරංචි මාර්ග සඳහන් කළේය.
ජාත්‍යන්තර මට්ටමේ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් පැවැත්වෙන මෙම රාජ්‍ය නායක සමුළුව අවසන් කර, අග්‍රාමාත්‍යවරිය ඇතුළු පිරිස එළැඹෙන මැයි මස 23 වනදා යළි දිවයිනට පැමිණීමට නියමිතව ඇත. මෙම සංචාරය තුළදී ශ්‍රී ලංකාවේ වත්මන් ප්‍රගතිය සහ ඉදිරි සැලසුම් පිළිබඳව විදේශීය නායකයින් දැනුවත් කිරීමට ද අවස්ථාව උදාවනු ඇතැයි අපේක්ෂා කෙරේ.