තමන්ගේ දේශපාලන බංකොලොත්භාවය වසා ගැනීමට සහ ලාභ ජනප්‍රියත්වයක් ලබා ගැනීමට ඕනෑම පහත් ගණයේ නාටකයක් රඟදැක්වීමට දේශපාලනඥයන් සූදානම් බව පෙන්වමින්, නව ජනතා පෙරමුණේ නායක සුගීෂ්වර බණ්ඩාර ඇතුළු පිරිසක් අද (11) කොළඹ පිහිටි එක්සත් ජාතීන්ගේ (UN) කාර්යාලයට පෙත්සමක් බාර දී තිබේ. මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාගේ නිවස ඉදිරිපිට පැවති විරෝධතාවකදී එල්ල වූ අසූචි ප්‍රහාරයක් මුල් කරගනිමින් මොවුන් මෙම බොළඳ ක්‍රියාව සිදු කර ඇත.

මෙහි ඇති පුදුමසහගතම කරුණ වන්නේ මෙම පිරිසගේ පවතින අන්ත දෙබිඩි පිළිවෙතයි. පසුගිය රජයන් සමයේදී මානව හිමිකම් සහ ජාත්‍යන්තර මැදිහත්වීම්වලට එරෙහිව “බටහිර කුමන්ත්‍රණ” යැයි පවසමින් බෙරිහන් දුන් සුගීෂ්වර බණ්ඩාර වැනි අය, අද තමන්ට පොඩි පාරක් වැදුණු සැණින් එම බටහිර සංවිධානවලම සරණ පැතීමට දිවීම ලැජ්ජා සහගතය.