මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍රයේ තිරසාර පාරිසරික පරිවර්තනයක් සනිටුහන් කරමින්, ‘ක්ලීන් ශ්‍රී ලංකා’ (Clean Sri Lanka) ජාතික වැඩසටහනට සමගාමීව ස්ථාපිත කළ ඉදිකිරීම් සහ ගොඩනැගිලි (C&D) අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථානය ඒකල කාර්මික ජනපදයේදී විවෘත විය.
ලෝකයේ සමස්ත අපද්‍රව්‍ය ප්‍රමාණයෙන් 40%ක් සහ කාබන් විමෝචනයෙන් 25%ක් ජනනය වන්නේ ඉදිකිරීම් කර්මාන්තයෙනි. ශ්‍රී ලංකාවේ බස්නාහිර පළාතෙන් පමණක් දිනකට එවැනි අපද්‍රව්‍ය ටොන් 300ක් පමණ එකතු වන අතර, මේවා මෙතෙක් කලක් අවිධිමත් ලෙස බැහැර කිරීම නිසා පාංශු දූෂණය, ජල දූෂණය සහ නාගරික ගංවතුර අවදානම් නිර්මාණය වී තිබිණි.
මෙම ගැටලුවට සාර්ථක විසඳුමක් ලෙස රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ පූර්ණ මැදිහත්වීමෙන් මෙම මධ්‍යස්ථානය ස්ථාපිත කර ඇත. ඒ සඳහා රුපියල් මිලියන 350ක් වටිනා යන්ත්‍ර සූත්‍ර සහ භූමිය වෙන් කර ඇති අතර, ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය රුපියල් මිලියන 200ක ප්‍රතිපාදන වෙන් කර තිබේ. ඉන් රුපියල් මිලියන 150ක් මේ වන විටත් නිදහස් කර ඇති බව වාර්තා වේ.
පැයකට මෙට්‍රික් ටොන් 200ක ධාරිතාවයකින් යුත් මෙම යන්ත්‍රාගාරය මගින් ගොඩනැගිලි සුන්බුන් නව තාක්ෂණය ඔස්සේ නැවත භාවිත කළ හැකි වටිනා අමුද්‍රව්‍ය බවට පත් කෙරේ. මෙමගින් ස්වාභාවික සම්පත් ක්ෂය වීම අවම වන අතර ඉදිකිරීම් පිරිවැය ද සැලකිය යුතු ලෙස අඩු කර ගැනීමට මඟ පෑදේ. මෙම ව්‍යාපෘතිය ප්‍රතිචක්‍රීකරණ ඒකකයකට අමතරව නවීන විද්‍යාගාරයකින් සහ පරිපාලන ගොඩනැගිල්ලකින් ද සමන්විතය.


