ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර පවතින දීර්ඝකාලීන මිත්‍රත්වය සහ ආගමික සබඳතාවන් නව මානයකට ඔසවා තබමින්, වැදගත් ද්විපාර්ශ්වික ගිවිසුමකට අත්සන් තැබීම අද (08) පෙරවරුවේ කොළඹදී සිදු කෙරුණා. කොළඹ හිල්ටන් හෝටල් පරිශ්‍රයේදී පැවැති මෙම සුවිශේෂී අවස්ථාව දෙරටේ සංස්කෘතික හා ආගමික සහයෝගීතාව තවදුරටත් තහවුරු කරන්නක් වුණා.
බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි සහ වියට්නාමයේ ජනවාර්ගික සහ ආගමික කටයුතු අමාත්‍ය ගුයෙන් දින් කාන් (Nguyen Dinh Khang) විසින් මෙම ගිවිසුම සඳහා නිල වශයෙන් අත්සන් තැබූහ.
මෙම නව ගිවිසුම හරහා ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර ඓතිහාසිකව පවතින බෞද්ධ සබඳතා මෙන්ම අනෙකුත් සංස්කෘතික හුවමාරු වැඩසටහන් වඩාත් විධිමත් ලෙස ඉදිරියට ගෙන යාමට අපේක්ෂිතයි. කලාපීය වශයෙන් ආගමික සහජීවනය සහ සංස්කෘතික උරුමයන් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් දෙරටේම ඇති කැපවීම මෙමගින් යළිත් තහවුරු කෙරුණා.