වයින පුරා ඇති මහාධිකරණ 34ක ළමා අපයෝජන නඩු 4421ක් විභාග වෙමින් පවතින බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය ප්‍රසිද්ධ කළ නවතම ලේඛනයකින් අනාවරණය වේ. 2026 අප්‍රේල් 8 වැනිදා වන විට ලබාගත් දත්තවලට අනුව, පසුගිය මාර්තු මාසයේදී පමණක් කැඳවීමට නියමිතව තිබූ නඩු සංඛ්‍යාව 1494කි.
මෙම නඩු වාර්තා වී ඇති ප්‍රධාන අධිකරණ අතර ගාල්ල මහාධිකරණය (නඩු 467) පෙරමුණේ පසුවන අතර, පිළිවෙලින් කළුතර (241), ගම්පහ (231) සහ මාතර (212) අධිකරණවල වැඩිම නඩු සංඛ්‍යාවක් වාර්තා වේ.
දිවයින පුරා අධිකරණ ආශ්‍රිතව පවතින නඩු සංඛ්‍යාව පහත පරිදි වේ:
- ගාල්ල (467), මහනුවර (418), කුරුණෑගල (412), කළුතර (241), ගම්පහ (231), බදුල්ල (215), මාතර (212), කෑගල්ල (203), මීගමුව (198), කුලියාපිටිය (161), අනුරාධපුර (159), හලාවත (145), කොළඹ (125), පොලොන්නරුව (122), මාතලේ (83), නුවරඑළිය (82), මොණරාගල (80), අවිස්සාවේල්ල (69), පුත්තලම (67), හම්බන්තොට (53), තංගල්ල (50), යාපනය (43), වව්නියාව (43), අම්පාර (39), පානදුර (39), හෝමාගම (37), කිලිනොච්චිය (35), ත්‍රිකුණාමලය (28), ඇඹිලිපිටිය (15), මන්නාරම (8), මඩකලපුව (4), කල්මුණේ (1).
1988 අංක 28 දරන අපරාධ නඩු විධාන සංග්‍රහයේ නිර්වචන අනුව, දණ්ඩ නීති සංග්‍රහයේ සඳහන් ළමා අපයෝජන නිමිති 13කට අදාළව මෙම නඩු විභාග කෙරේ. ඒ අතරට ස්ත්‍රී දූෂණය, අස්වාභාවික වැරදි, බරපතල ලිංගික අපයෝජනය, ළමයින් කෘරත්වයට භාජනය කිරීම, අයුතු ලිංගික ප්‍රයෝජන ගැනීම සහ ළමයින් සේවයේ යෙදවීම වැනි බරපතල අපරාධ ඇතුළත් වේ.