පසුගිය මැයි 01 වනදා කොළඹ පැවති මැයි දින රැලියට සහභාගී වී ආපසු යමින් සිටි, පාර්ලිමේන්තු මන්ත්රී දිලිත් ජයවීර නායකත්වය දෙන ‘සර්වජන බලය’ පක්ෂයේ සංවිධායකවරයෙකු සිදුකළ මාරක රිය අනතුරකින් තරුණ යතුරුපැදිකරුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙලෙස අනතුර සිදුකර ඇත්තේ අධික ලෙස බීමත්ව රිය පදවා ඇති බවට අනාවරණය වී ඇති සුසන්ත හේරත් නැමැති එම පක්ෂයේ සංවිධායකවරයෙකි. අනතුරෙන් පසු වහාම ක්රියාත්මක වූ පොලිසිය සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.
කෙසේ වෙතත්, අදාළ රිය අනතුරින් සැකකාර සුසන්ත හේරත්ගේ මුඛයට ද දරුණු ලෙස තුවාල සිදුවී ඇති අතර, ඒ හේතුවෙන් ඔහු බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ කොළඹ ජාතික රෝහලේ ප්රතිකාර ලබමින් සිටියි.
මෙම මාරක රිය අනතුර සම්බන්ධ පුවත ජනතාවගෙන් සහ මාධ්යයෙන් වසං කිරීමට දේශපාලනමය වශයෙන් දැඩි වෙහෙසක් දරමින් සිටින බවට තොරතුරු වාර්තා වේ. අකාලයේ දිවියෙන් සමුගත් මෙම තරුණයා වෙනුවෙන් යුක්තිය ඉල්ලා සමාජ මාධ්ය හරහා ද දැඩි විවේචන එල්ල වෙමින් පවතින අතර, අනතුරට පත් තරුණයා සම්බන්ධයෙන් සංවේදී ෆේස්බුක් සටහනක් ද මේ වන විට සංසරණය වෙමින් පවතී.
(Source article from LankaTruth)


