මුදල් අමාත්‍යාංශයේ ලේකම් හර්ෂණ සූරියප්පෙරුමගේ නිවස ඉදිරිපිට උද්ඝෝෂණයක් පැවැත්වීමට පැමිණි නව ජනතා පෙරමුණේ නායක සුගීශ්වර බණ්ඩාර ඇතුළු පිරිසකට එම ප්‍රදේශයේ අසල්වාසීන්ගෙන් දැඩි විරෝධයක් එල්ල වී තිබේ. අද (28) මෙම උද්ඝෝෂණය පැවති ස්ථානයට පැමිණි පිරිස ඉලක්ක කර ගනිමින් අසල්වාසීන් විසින් බිත්තර සහ ගොම ප්‍රහාර එල්ල කර ඇත.
මෙම ප්‍රහාරයත් සමඟ නිවස අසල උණුසුම් තත්ත්වයක් හටගෙන ඇති අතර, තත්ත්වය පාලනය කිරීම සඳහා පොලිසිය මැදිහත් වීමට සිදුවිය. තම ප්‍රදේශයේ සාමය කඩවන අයුරින් සහ මුදල් ලේකම්වරයාගේ නිවස අසල මෙවැනි විරෝධතාවක් පැවැත්වීමට විරුද්ධ වෙමින් අසල්වාසීන් මෙම ක්‍රියාවේ නිරත වූ බව වාර්තා වේ. පොලිසිය මැදිහත්වීමෙන් පසු උද්ඝෝෂකයින් එම ස්ථානයෙන් ඉවත් වී ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.