ගරු ජනාධිපතිතුමා ඇතුළු වත්මන් රජය රට මුහුණ දී ඇති ආර්ථික හා සාමාජික අභියෝගවලින් ගොඩගැනීම සඳහා විවිධ ප්‍රතිපත්ති, සැලසුම් සහ නීතිමය සංශෝධන ක්‍රියාත්මක කරමින් අතිමහත් වෙහෙසක් දරමින් සිටින බව අප කවුරුත් දන්නා කරුණකි. රට වැටී ඇති අගාධයෙන් ගොඩගැනීමට පාලකයින් මෙලෙස දිවා රෑ වෙහෙසෙද්දී, ඇතැම් අමාත්‍යාංශවල ඉහළ පුටුවල සිටින පුද්ගලයින්ගේ නොමනා හැසිරීම් නිසා මුළු මහත් රජයේම ගෞරවය කෙළෙසෙන තත්ත්වයක් උදා වී ඇති බවට අපට අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් තොරතුරු ලැබෙමින් පවතිනවා.

විශේෂයෙන්ම විදේශ කටයුතු අමාත්‍යාංශය ඇතුළින් ඇසෙන්නේ නම් ඉතා අශෝභන කතාවක්,

අභ්‍යන්තර ආරංචි මාර්ගවලට අනුව, එහි සේවය කරන, විදේශ කටයුතු භාර ඇමැතිතුමාගේ සමීපතම සෙවණැල්ල බදු පුද්ගලයෙකුට, අමාත්‍යාංශය ඇතුලෙන්ම බරපතළ චෝදනා රැසක් එල්ල වෙමින් පවතිනවා.

මෙම පුද්ගලයා එහි සේවය කරන තරුණ නිලධාරිනියන් ඉලක්ක කරගනිමින් විවිධ බලපෑම් සහ හිරිහැර සිදුකරන කරන බවත් විශේෂයෙන්ම තරුණ නිලධාරිනියන්ට ලිංගික අඩන්තේට්ටම් ලිංගික හිරිහැරයන් (අල්ලස්) වන අයුරින් විවිධ තර්ජනාත්මක දේ සිදුකරන බවට අපට අභ්‍යන්තර ආරංචි මාර්ග වලින් අසන්නට ලැබෙනවා.

ඒ වගේම, මෙම අශෝභන හැසිරීම් නිසා අමාත්‍යාංශයේ සේවය කරන තරුණ නිලධාරිනියන් දැඩි අපහසුතාවකට හා පීඩනයකට පත්ව සිටින බවත්, මේ වන විට අමාත්‍යාංශය අභ්‍යන්තරයෙන්ම මොහුට එරෙහිව දැඩි නොසන්සුන්තාවක් සහ විරෝධයක් මතුවෙමින් පවතින බවත් ඒ ආරංචි මාර්ග වැඩිදුරටත් සදහන් කරනවා.

ඇමැතිතුමාගේ ඇස් වසා, ඔහුටත් නොදැනෙන සේ මෙවැනි නින්දිත ක්‍රියාවල නිරත වන මේ පුද්ගලයා නිසා සමස්ත විදේශ කටයුතු අමාත්‍යාංශයේම කීර්ති නාමය කෙලෙසීමට ඉඩ නොතැබිය යුතුයි. එසේම, මෙවැනි අශීලාචාර පුද්ගලයන්ට එරෙහිව වහාම පියවර නොගතහොත්, මෙවැනි පුද්ගලයන්ගේ ක්‍රියාකලාපය, රජයේ ඉදිරි ගමනටත් මහජන විශ්වාසයටත් දැවැන්ත බාධාවක් වනු නිසැකය.

ඒ නිසා LankaRedNews අපි මේ ගැන තවදුරටත් දැඩි සෝදිසියෙන් සහ අවධානයෙන් !

සටහන | LankaRedNews