මීගමුව බන්ධනාගාර ඛේදවාචකය මුල් කර ගනිමින් අධිකරණ අමාත්‍ය හර්ෂණ නානයක්කාරට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට විපක්ෂයේ පිරිසක් උත්සාහ දරමින් සිටින බව විශ්ලේෂකයෝ පෙන්වා දෙති. ශ්‍රී ලංකාව වෙත ජාත්‍යන්තරයේ අප්‍රසාදය යොමු කරවා ගැනීම සඳහා විපක්ෂය මෙම උත්සාහය දරන බව විශ්ලේෂකයන්ගේ අදහස වී තිබේ.

අදාළ විශ්වාසභංග යෝජනාව සඳහා සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස විසින් පළමු අත්සන තබා ඇත. මීට පෙර ද සජිත් ප්‍රේමදාස මූලික වී අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරියට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන එන බවට විශාල ප්‍රචාරයක් ගෙන ගිය ද, එය මේ දක්වා ඉදිරිපත් කිරීමට කටයුතු කර නැත.

කෙසේ වෙතත්, වත්මන් අවස්ථාවේදී විපක්ෂයේ කණ්ඩායම් ගණනාවක් අධිකරණ අමාත්‍යවරයාට එරෙහිව ගෙන එන මෙම නව විශ්වාසභංග යෝජනාවට අත්සන් තබන බව ප්‍රකාශ කර තිබේ.