මෙරට පොදු ප්‍රවාහන පද්ධතියට අලුතින් එක්වූ ‘Low-Floor’ (පහත් පතුල සහිත) බස් රථ සම්බන්ධයෙන් ඇතැම් බස් සංගම් සිය විරෝධය පළ කර ඇත. වසර 20කට පෙර සිදුවිය යුතුව තිබූ මෙම වෙනස අද හෝ සිදුවීම මගින් මගීන්ට මහත් පහසුවක් සැලසෙන නමුත්, සාම්ප්‍රදායික ක්‍රමවේදයන්ට හුරු වූ පිරිස් පද්ධතියේ වෙනස්කම්වලට (System Change) බිය වී මෙවැනි විරෝධතා දක්වන බව දේශපාලන විචාරකයෝ පවසති. ලෝකය දියුණු වෙද්දී ලංකාව තවමත් පැරණි ක්‍රමවේදවලම එල්බී සිටීම ජාතියේ අවාසනාවක් බව මෙහිදී අවධාරණය කෙරිණි.


ලංකාවේ පොදු ප්‍රවාහනය යනු මගීන් අන්ත අසරණ තත්ත්වයට පත්වන ක්ෂේත්‍රයකි. මහලු අයට, ආබාධිත අයට පහසුවෙන් ගොඩවිය හැකි මෙවැනි බස් රථ හඳුන්වා දීමට එරෙහි වීම ඉතාම පටු දේශපාලන හෝ පෞද්ගලික අරමුණු මත සිදුවන්නකි. දියුණුවට එරෙහි වන “මාෆියාවන්ට” ඉඩ නොදී, ජනතාවට ගුණාත්මක සේවාවක් ලබාදීමට රජය දැඩි තීරණ ගත යුතුය.