ලංකාවට එන සංචාරකයින්ට ලබා දෙන යටිතල පහසුකම් සහ සේවාවල ගුණාත්මකභාවය වැඩිදියුණු කරන්න – ජනපති
ශ්‍රී ලංකාව ආකර්ෂණීය සංචාරක ගමනාන්තයක් ලෙස ජාත්‍යන්තරයේ ඉහළ පිළිගැනීමකට ලක්ව ඇති බැවින් මෙරටට පැමිණෙන සංචාරකයන් සඳහා ගුණාත්මක යටිතල පහසුකම් සහ සේවාවන් සැපයීම අත්‍යවශ්‍ය බව ජනාධිපති අනුර කුමාර දිසානායක අවධාරණය කරයි. එබැවින් ඒ පිළිබඳ විශේෂ අවධානය යොමු කරමින් කටයුතු කරන ලෙස ජනාධිපති නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත. ජනාධිපති අනුර කුමාර දිසානායක
අනුර දිසානායක සහ විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය (FUTA) අතර හමුවක්
ජනාධිපති අනුර කුමාර දිසානායක සහ විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය (FUTA) අතර හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පෙරවරුවේ පැවත්වුණා. ඒ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් මේ වන විට මුහුණ දී ඇති ගැටලු පිළිබඳව මෙහිදී ජනාධිපතිවරයා දැනුවත් කෙරුණු අතර ඒවාට ලබා දිය හැකි විසඳුම් පිළිබඳවද සාකච්ඡා කිරීමටයි. මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කළේ,
අභියාචනාධිකරණයට නව විනිසුරුවන් තිදෙනෙක්
අභියාචනාධිකරණයට පත් කරන ලද නව විනිසුරුවන් තිදෙනෙකු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (11) දිවුරුම් දුන්හ. මෙම පත්වීම් අනුව, මහාධිකරණ විනිසුරුවරුන් වන: අභියාචනාධිකරණයේ නව විනිසුරුවරුන් ලෙස පත් කර ඇත. ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා ද මෙම අවස්ථාවට සහභාගී විය.
ලෝක වෙළදපොළ තුළ දේශීය ව්‍යවසායකයින් නගාසිටුවීමට සියල්ල සූදානම් – ජනපති අනුර
ලෝක වෙළඳපොළ තුළ ශ්‍රී ලංකා ව්‍යවසායකයින්ගේ කොටස ප්‍රශස්ත ලෙස අත්පත් කර ගැනීම සඳහා අවශ්‍ය සියලු සහාය ලබා දීමට සැලසුම් කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය. තානාපතිවරුන් සහ ව්‍යවසායකයින් ඒකාබද්ධ කරමින් ලෝක වෙළඳපොළ තරණය කිරීමට ශක්තිමත් වැඩපිළිවෙළක් ආණ්ඩුව සූදානම් කර ඇති බවද ජනාධිපතිවරයා අවධාරණය කළේය. ජනාධිපති අනුර
කරුණාකර ජල ගැටළුවට ස්ථීර විසදුමක් ලබාදෙන්න – අනුර
ගොවි ජනතාවගේ දීර්ඝ කාලීන ගැටලුවක් වන ජල ගැටලුවට ස්ථීරසාර විසඳුමක් ලබා දීමේ අරමුණින් මෙවර අය-වැයෙන් වාරි කර්මාන්තය සඳහා විශාල මුදලක් වෙන් කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා. ඒ මෙරට වාරි පද්ධතියේ සංවර්ධනය සඳහා ගත යුතු ඉදිරි පියවර සහ මෙවර අය-වැයෙන් වාරි කර්මාන්තය වෙනුවෙන් වෙන් කරන ලද ප්‍රතිපාදන යෙදවීම
අයකර ගතයුතු බදු අයකරගැනීම දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ වගකීමක්…
සම්පූර්ණ බදු ආදායම් නිසි පරිදි රැස්කිරීම දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ මූලික වගකීමක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කර සිටී. ජනාධිපති ලේකම් කාර්යාලයේදී දේශීය ආදායම් දෙපාර්තමේන්තු නිලධාරීන් සමඟ පැවැත්වූ විශේෂ සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේය. වත්මන් වසර සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ඉලක්කගත කර ඇති බදු ආදායම සම්පූර්ණයෙන් සපුරාගැනීම සඳහා
ජපානය ශ්‍රී ලංකාවේ වරාය සහ ඩිජිටල්කරණ ව්‍යාපෘති සඳහා ආයෝජනය කිරීමට එකඟ වේ
ශ්‍රී ලංකාව තුළ වරාය ආශ්‍රිත ව්‍යාපෘති සහ ඩිජිටල්කරණ ව්‍යාපෘති සඳහා ආයෝජනය කිරීමට ජපාන රජය එකඟතාව පළ කර තිබෙනවා. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකාවේ ජපාන තානාපති ඉසොමතා අකියෝ (Isomata Akio) මහතා අතර ජනාධිපති කාර්යාලයේ දී අද (27) පැවැති හමුවේදී මෙම එකඟතාව පළ කෙරුණා. ජපාන රජය මෑතකදී ආරම්භ කළ
මුදල් නිසි ලෙස හා ඵලදායී අයුරින් යෙදවීම රාජ්‍ය නිලධාරීන්ගේ වගකීමක් – ජනපති
සීමිත මූල්‍ය සම්පත් තිබියදීත්, සංවර්ධන ප්‍රමුඛතා හා ජනතා අවශ්‍යතා සපුරාලීම සඳහා අයවැයෙන් ප්‍රතිපාදන වෙන්කර ඇති අතර, එම මුදල් නිසි ලෙස හා ඵලදායී අයුරින් යෙදවීම රාජ්‍ය නිලධාරීන්ගේ වගකීමක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කර තිබේ. ජනාධිපති කාර්යාලයේදී පසුගියදා (25) පැවති අමාත්‍යාංශ ලේකම්වරුන් සමඟ සාකච්ඡාවේදී මෙම අදහස් ඉදිරිපත් කර ඇත.
වසර 16කට පසු සාමාන්‍ය මහජනතාව වෙනුවෙන් දළදා ප්‍රදර්ශනයක්
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේ, සාමාන්‍ය මහජනතාව වෙනුවෙන් විශේෂ දළදා ප්‍රදර්ශනයක් සිංහල හා දෙමළ අලුත් අවුරුද්දෙන් පසු පැවැත්වීමට සැලසුම් කර ඇති බවයි. 🔹 මල්වතු, අස්ගිරි මහා නාහිමිවරුන් සමඟ සාකච්ඡාඑය සාර්ථකව සංවිධානය කිරීම සඳහා මධ්‍යම පළාත් ආණ්ඩුකාර, මහනුවර දිස්ත්‍රික් ලේකම්, රාජ්‍ය නිලධාරීන් සහ දළදා මාළිගාවේ දියවඩන නිලමේ ඇතුළු පිරිස
“මේ පාතාල කණ්ඩායම් අතර ගැටුම් පමණක් නොවී, එම ක්‍රියා පිටුපස තවත් බලවේගයක් තියෙන්න පුළුවන් !
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසුවේ, රට තුළ ජාතික ආරක්ෂාවට කිසිදු තර්ජනයක් නොමැති බවයි. ඔහු මේ බව අද (23) මහනුවර ශ්‍රී දළදා මාලිගාව වැඳපුදා ගැනීමෙන් අනතුරුව ප්‍රකාශ කළේය. “ජාතික ආරක්ෂාව සඳහා කිසිදු තර්ජනයක් නොමැති අතර, මේ වන විට පාතාල කණ්ඩායම් අතර ගැටුම් මතුව තිබුණද, එය මහජන ආරක්ෂාවට ප්‍රධාන තර්ජනයක් වී