මූල්‍ය අපරාධ චෝදනා විමර්ශනය කිරීම සඳහා අධිකරණය මඟින් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සම්බන්ධයෙන් ජාත්‍යන්තර මාධ්‍යවල විශේෂ අවධානය යොමුව තිබේ.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ වැඩිමල් පුත්‍රයා මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ද වන නාමල් රාජපක්ෂට එරෙහිව මූල්‍ය අපරාධ චෝදනා එල්ල වීම සහ ඔහු රක්ෂිත බන්ධනාගාරගත වීම පිළිබඳව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර ඇත.

මේ අතර, නාමල් රාජපක්ෂ මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබීම දේශපාලන පළිගැනීමකට ලක්කිරීමක් බවට ඇතැම් කණ්ඩායම් විසින් ප්‍රකාශ කරනු ලබයි.