රජය විසින් ඉදිරිපත් කර ඇති අධිකරණ ප්‍රතිසංස්කරණවල මූලික අරමුණ වන්නේ වසර 25-30ක් තිස්සේ නඩු ප්‍රමාදයන් හේතුවෙන් පීඩාවට පත්ව සිටින මහජනතාව ඉන් මුදා ගැනීම බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසයි.
ජන හමුවක් අමතමින් අමාත්‍යවරයා සඳහන් කළේ, ජනතාව මෙලෙස නඩු කටයුතුවලින් නිදහස් කර ඔවුන් වෙනුවෙන් විශ්වාසවන්ත අනාගතයක් ගොඩනැඟීම මෙම ප්‍රතිසංස්කරණවල ප්‍රධාන අපේක්ෂාව බවයි.
එළඹෙන සැප්තැම්බර් මස අග භාගයේදී හෝ ඔක්තෝබර් මාසය වන විට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව ගොනු කර ඇති පෙත්සම් විභාග කර සිය තීන්දුව ලබා දෙනු ඇතැයි ද අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේය.
අධිකරණය ලබාදෙන එම තීන්දුවට අනුව, පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක (2/3) බහුතර බලයක් අවශ්‍ය බව ප්‍රකාශ කළහොත් එය ලබා ගැනීමට හෝ, ජනමත විචාරණයක් පවත්වන ලෙස දැනුම් දුන්නොත් ඒ අනුව කටයුතු කිරීමට රජය සූදානම් බව ද ඔහු පැවසීය. ජනතාව වෙනුවෙන් සිදු කරන මෙම අධිකරණ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය කිසිදු බාධාවකින් තොරව ඉදිරියටම ගෙන යන බව ද අමාත්‍ය නලින්ද ජයතිස්ස වැඩිදුරටත් අවධාරණය කළේය.