රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ වාහන අවභාවිත කිරීමේ සිද්ධියකට අදාළව හිටපු ඇමති විමල් වීරවංසගේ සහෝදරයා වන සරත් වීරවංස පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ (FCID)  නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පැවති මහින්ද රාජපක්ෂ පාලන සමයේ ඔහු රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සේවය කරමින් සිටියදී රජයේ වාහන 40ක් අවභාවිත කරමින්, රජයට රුපියල් මිලියන 09ක පාඩුවක් සිදු කිරීමේ චෝදනාවකට අදාළව මීට පෙරද ඔහුට විදෙස්ගතවීම තහනම් කරමින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය මගින් නියෝගයක්ද නිකුත් කර තිබිණි.