පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් දැනට සිදුකෙරෙන පරීක්ෂණ කිසිසේත් නතර නොකරන ලෙස අගරදගුරු පදවියේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණී පියතුමා රජයෙන් ඉල්ලා සිටී.

මෙම විමර්ශන කඩාකප්පල් කිරීමට බොහෝ පිරිසක් උත්සාහ දරමින් සිටින අතර කුමන හේතුවක් මත හෝ විමර්ශන නතර කළ හොත් එය පාස්කු ප්‍රහාරයේ වින්දිතයින්ට කරන දැඩි අසාධාරණයක් බවද අගරදගුරු නිල නිවසේ පැවති මාධ්‍ය හමුවේදී සිරිල් ගාමිණී පියතුමා අවධාරණය කළේහ.