2012 වසරේදී ග්‍රීසිය දැඩි ආර්ථික අර්බුදයක පසුවන බව දැන දැනම, ග්‍රීක බැඳුම්කර මිලදී ගැනීම හරහා ශ්‍රී ලංකා රජයට රුපියල් කෝටි 184කට අධික පාඩුවක් සිදුකිරීමේ චෝදනාව මත හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් යළිත් වරක් කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරා තිබේ.

මීට පෙර අධිකරණය විසින් පනවා තිබූ රුපියල් මිලියන 100ක මුදලක් තැන්පත් කිරීමේ කොන්දේසිය සපුරාලීමට අජිත් නිවාඩ් කබ්රාල් අපොහොසත් වීම හේතුවෙන්, දූෂණ විරෝධී පනතේ 67 (5) වගන්තිය යටතේ මෙම නීතිමය පියවර ගෙන ඇත.

මෙම නඩු පැවරීමත් සමඟ වඩාත් කැපී පෙනෙන කරුණ වී ඇත්තේ, තමන් “නීතියේ නිර්මාණකරුවන්” ලෙස පෙනී සිටිමින් කබ්රාල්ට එරෙහිව නැවත නඩු පැවරිය නොහැකි බවට විවිධ පුහු තර්ක ඉදිරිපත් කළ ඇතැම් නීතිඥයින්ගේ සහ නීති විශාරදයින්ගේ කූඨ මෙහෙයුම අමුඅමුවේ පරාජයට පත්වීමයි. “නීතිය ලිව්වේ අපි” යන මානසිකත්වයෙන් යුතුව නීතිය තමන්ට රිසි පරිදි විකෘති කරමින්, දූෂිතයන් බේරාගැනීම සඳහා සමාජ මතයක් නිර්මාණය කිරීමට වෙහෙසුණු මෙම පාර්ශවයන්ට මෙම නව නඩු පැවරීම ප්‍රබල අතුල් පහරක් වී තිබේ.