ලෝකප්‍රකට දාර්ශනිකයෙකු මෙන්ම විප්ලවීය චින්තකයෙකු වූ කාල් මාක්ස්ගේ 208 වැනි ජන්ම දිනය නිමිති කරගනිමින් සංවිධානය කරනු ලබන විශේෂ උපහාර සහ සමරු උත්සවය මැයි මස 05 වන දින (හෙට) පැවැත්වීමට නියමිතව තිබේ.
මෙම සැමරුම් උත්සවය හෙට පස්වරු 03.00 ට කොළඹ 07, නිදහස් මාවතේ පිහිටි ජාතික පුස්තකාල ශ්‍රවණාගාරයේදී ආරම්භ වීමට නියමිතය. ‘මාක්ස්වාදී විශ්වවිද්‍යාලය’ විසින් සංවිධානය කරනු ලබන මෙම අවස්ථාව මාක්ස්වාදී දර්ශනය සහ එහි කාලීන වැදගත්කම පිළිබඳව උනන්දුවක් දක්වන සැම වෙනුවෙන් විවෘතව පවතී.
කාල් මාක්ස්ගේ දාර්ශනික හා දේශපාලන මැදිහත්වීම් පිළිබඳව ගැඹුරින් සාකච්ඡා කෙරෙන මෙම විශේෂ අවස්ථාවට එක්වන ලෙස සංවිධායක මණ්ඩලය ප්‍රගතිශීලී ජනතාවට සහ විද්වතුන්ට ඇරයුම් කර සිටියි.