ඉදිරි සති පහක කාලය තුළ අධිකරණය හමුවේ විභාග වීමට නියමිත දූෂණ චෝදනා සම්බන්ධ නඩු 16ක් හේතුවෙන් මේ වන විට දැඩි දේශපාලන උණුසුමක් මතුව තිබේ. නාමල් රාජපක්ෂ, යෝෂිත රාජපක්ෂ සහ ශෂීන්ද්‍ර රාජපක්ෂ යන අය වගඋත්තරකරුවන් වී සිටින නඩුකරවලට අමතරව, රනිල් වික්‍රමසිංහ, විමල් වීරවංශ, ප්‍රියංකර ජයරත්න, රාජිත සේනාරත්න, රවී කරුණානායක, ජොන්ස්ටන් ප්‍රනාන්දු, සජින් වාස් ගුණවර්ධන, චාමර සම්පත් දසනායක, සරණ ගුණවර්ධන, ලක්ෂ්මන් යාපා අබේවර්ධන, මර්වින් සිල්වා, පාඨලී චම්පික රණවක සහ කෙහෙළිය රඹුක්වැල්ල යන දේශපාලනඥයන්ට එරෙහි නඩු ද මේ අතර පවතී.

තම නඩු විභාගයන් ආරම්භ වීමට නියමිත මෙම පසුබිම තුළ, ආණ්ඩුව අපකීර්තියට පත් කිරීමේ අරමුණින් අසත්‍ය, පදනම් විරහිත සහ විකෘති කරන ලද කරුණු මත පදනම් වූ මඩ අවලාද ප්‍රචාරය කෙරෙන බව වාර්තා වේ. දේශපාලන විචාරකයන් පෙන්වා දෙන්නේ නීතියේ රැහැනට හසු වීමට නියමිත පිරිසකගේ අත්දැකීම් සහ ව්‍යාකූලත්වය මාධ්‍ය හමුවලදී ඇතිවන ගාලගෝට්ටිය තුළින් මනාව පිළිබිඹු වන බවයි.