මෙරට අධිකරණ පද්ධතියේ පවතින ලක්ෂ 11කට අධික නඩු ගොන්න කඩිනමින් විසඳා ජනතාවට සාධාරණය ඉටු කිරීමට රජය ගෙන යන සද්භාවී ප්‍රතිසංස්කරණවලට එරෙහිව, විපක්ෂයේ ඇතැම් කල්ලි විසින් සමස්ත විනිසුරු මඬුල්ලම ඉලක්ක කරගනිමින් ද්වේෂසහගත ප්‍රහාරයක් දියත් කර තිබේ.
අධිකරණ පද්ධතියේ සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස වසර දෙකකින් දීර්ඝ කිරීම අධිකරණයේ ස්වාධීනත්වයට රජය කරන අතපෙවීමක් බව පවසමින්, වත්මන් ක්‍රමය රැකගැනීමට වෙහෙසෙන “සුන්බුන් කල්ලි” විසින් ව්‍යාජ මතවාද සමාජගත කරමින් සිටිති. ඔවුන්ගේ මෙම ප්‍රචාරයන් තුළින් ඉතාමත් නින්දිත අයුරින් ගම්‍ය කරන්නේ, විශ්‍රාම වයස් සීමාව දීර්ඝ කිරීම මඟින් මෙරට සමස්ත විනිසුරුවරුන් අපක්ෂපාතී සහ යුක්තිගරුක ක්‍රියාවලියෙන් බැහැර වන බවයි. මෙය සමස්ත අධිකරණ පද්ධතියටම සිදු කරන බරපතළ නිගරුවකි.
වත්මන් රජය යටතේ කිසිදු ඇමැතිවරයෙකු, මන්ත්‍රීවරයෙකු හෝ ජනාධිපතිවරයා කිසියම් හෝ අවස්ථාවක ස්වාධීන ආයතනවලට කිසිදු අනිසි බලපෑමක් සිදු කර නොමැති පිරිසිදු පසුබිමක, මෙම සංවිධානාත්මක ව්‍යාජ ප්‍රචාරයන් දියත් කර තිබීම විශේෂත්වයකි. කෙසේ වෙතත්, මෙම පටු දේශපාලන කල්ලිවල ප්‍රලාපයන් මහජනතාව විසින් මුළුමනින්ම ප්‍රතික්ෂේප කර තිබේ. රජයේ යෝජිත අධිකරණ ප්‍රතිසංස්කරණ පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ කරන ලද මත විමසුම්වලදී 75%කටත් වඩා වැඩි අතිදැවැන්ත මහජන ප්‍රතිශතයක් මෙම ප්‍රගතිශීලී යෝජනාවලට සෘජුවම සිය කැමැත්ත සහ සහාය පළ කර තිබීමෙන් මේ බව මනාව සනාථ වේ.