ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය ඇතුළු පිරිස ජනාධිපති අනුර කුමාර දිසානායක හමුවී පවත්වන ලද සාකච්ඡාවේදී ජනාධිපතිවරයා සිදුකළ කරුණු දැක්වීම් ඇතුළත් වීඩියෝව මේ වන විට ප්‍රසිද්ධියට පත් කර තිබේ.

එම සාකච්ඡාවේදී නීතිඥ සංගමයේ සභාපති ඇතුළු නියෝජිතයින් සිදුකළ කරුණු දැක්වීම් ඇතුළත් සම්පූර්ණ වීඩියෝව ජනාධිපති මාධ්‍ය අංශය විසින් එම සංගමයට ලබාදුන් බව ප්‍රකාශ කර ඇත. අදාළ සංගමයේ කරුණු දැක්වීම් ජනාධිපති මාධ්‍ය අංශය මගින් ප්‍රසිද්ධියට පත් කිරීම ආචාරධාර්මික නොවන බැවින්, ජනාධිපතිවරයාගේ කරුණු දැක්වීම් පමණක් මෙලෙස නිල වශයෙන් ප්‍රසිද්ධ කර තිබේ.

කෙසේ වෙතත්, නීතිඥ සංගමය වෙත නිල වශයෙන් ලබාදුන් එම වීඩියෝව ඔවුන් විසින් මේ දක්වා ප්‍රසිද්ධියට පත් නොකිරීම බොහෝ දෙනෙකුගේ දැඩි විමතියට හේතු වී ඇති අතර, ප්‍රසිද්ධ කිරීමට හෝ බෙදාහැරීමට තරම් කිසිදු වැදගත් හෝ හරවත් කරුණක් එහි අන්තර්ගත නොවීම මීට හේතුව විය හැකි බවට ද මත පළවේ.

සටහන | Sachith Liyanage