සුරේෂ් සලේ අත්තඩංගුවට ගෙන රඳවා තබා ගනිමින් පාස්කු දා එල්ල කළ ම්ලේච්ඡ ප්‍රහාරය පිළිබඳව පරීක්ෂණ පවත්වන අතර, සුරේෂ් සලේ සහ ඔහුගේ පවුලේ සාමාජිකයින් යොදා ගනිමින් විවිධ ප්‍රචාර ගෙන ගිය කණ්ඩායම් පරාජිත වී සිටී.
එම පරීක්ෂණ හමුවේ ගෝඨාභය රාජපක්ෂට අධිකරණය විසින් විදෙස් ගමන් තහනමක් පැනවීමෙන් පසුව කණ්ඩායම් කිහිපයක් දැඩි දේ කැලඹීමකට පත් විය. එහෙත් ගවේෂණාත්මක සමාජ මාධ්‍ය ක්‍රියාකරුවන් සත්‍ය සාධක ගවේෂණය කරමින් විවිධ ආකාරයෙන් සටහන් පළ කරමින් ඇත.
සහරාන්ගේ අන්තවාදී ක්‍රියා පිළිබඳව විමර්ශන පවත්වමින් සිටි පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ කටයුතු සම්පූර්ණයෙන් ම බිඳ දැමීම දක්වා පියවරෙන් පියවර දැක්වෙන සමාජ මාධ්‍ය සටහනක් උපුටා ගෙන පහත පළ කෙරේ.
සහරාන්ට පාර ක්ලියර් කර දුන්නු හැටි..!
ඉතාම සැලකිල්ලෙන් කියවා බලන්න. මෙම සිදුවීම්වල දින ඉතාම සැලකිල්ලෙන් මතකයේ තබා ගන්න. එකින් එක සිදුවිම් පෙළ ගස්වා ඇති ආකාරය ඔබට පැහැදිලි වේවි.
1. 2016 දෙසැම්බර්: සහරාන් හෂීම් විසින් කාත්තන්කුඩි ප්‍රදේශයේදී අයිඑස් (IS) සංවිධානයට පක්ෂපාතී අදහස් දක්වමින් සහ වෙනත් ආගමික මත දරන්නන්ට එරෙහිව සිදුකළ දේශන පිළිබඳව ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට (TID) ආයතනයට මුල්වරට තොරතුරු ලැබීමත් සමඟ නිල විමර්ශන ගොනුවක් (File) ආරම්භ විය.
2. 2017 මාර්තු 10: කාත්තන්කුඩි, අලිම් හන්දියේදී සහරාන්ගේ ‘නැෂනල් තවුහිත් ජමාත්’ (NTJ) කණ්ඩායම සහ සාම්ප්‍රදායික මුස්ලිම් සංවිධානයක් (සුන්නත් වල් ජමාත්) අතර සන්නද්ධ ගැටුමක් ඇති විය.
3. 2017 මාර්තු සිට ජූනි: මෙම ගැටුමෙන් පසු සහරාන් ප්‍රදේශයෙන් පලාගිය අතර, ඔහු සන්නද්ධ ක්‍රියාවලියකට මුලපුරන බවට සාක්ෂි TID නිලධාරීන් විසින් සොයා ගනු ලැබුවේ මේ දිනවල දී ය.
4. 2017 ජූලි 10: සහරාන් හෂීම් අත්අඩංගුවට ගැනීම සඳහා මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් මුල්වරට වරෙන්තුවක් ලබා ගැනීමට TID කටයුතු කළේය.
5. 2018 අප්‍රේල් 08 – සහරාන් පිළිබඳ විමර්ශනවලින් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය ඉවත් කරන ලෙස ඉල්ලා ජාතික බුද්ධි සේවයේ අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන ලිපියකින් පොලිස්පතිගෙන් ඉල්ලා සිටීම. එම ඉල්ලීම ක්‍රියාත්මක නොවන අතර සහරාන් සහ සහචරයින් පිළිබඳ විමර්ශන දිගටම සිදුවේ.
6. 2018 ජූලි මස 02 දින සහරාන් අත්අඩංගුවට ගැනීම සඳහා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ අංක 08 උසාවියෙන් විවෘත වරෙන්තුවක් සහ ජාත්‍යන්තර නිල් වරෙන්තුවක් ලබා ගෙන ඇත. එය ජාත්‍යන්තර රතු වරෙන්තුවක් ලබා ගැනීමේ පළමු පියවර බව ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂ, නියෝජ්‍ය පොලිස්පති. නාලක ද සිල්වාගේ සාක්ෂියෙන් පැහැදිලි වේ.
7. 2018 සැප්තැම්බර් 12 වෙනි දින, එතෙක් කිසිම තැනක නම සඳහන් නොවුණු පුද්ගලයෙකු වූ නාමල් කුමාර නැමැත්තෙක් මාධ්‍ය හමුවක් කැඳවා එවකට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් පිළිබඳව හඬපට තමන් සතුව තිබෙන්නේ යැයි ප්‍රකාශ කළේය.
8. පසුව හෙළි වූයේ නාමල් කුමාර නැමැත්තා ජනාධිපති ලේකම් කාර්යාලයෙන් වැටුප් ලබන පුද්ගලයෙකු බවයි. ඒ බව පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පැවැත්වූ විමර්ශනවල දී, පාස්කු ප්‍රහාරය සිදුවන අවස්ථාවේ පොලිස්පති ලෙස කටයුතු කළ පූජිත ජයසුන්දර විසින් සාක්ෂි දුන් අවස්ථාවක ඒ බව සඳහන් කර තිබිණි.
9. ත්‍රස්ත විමර්ශන ඒකකය සහරාන් පිළිබඳව විමර්ශන නතර කරන ලෙස ඉල්ලා සිටි නමුත්, එය ඉටු නොකිරීම නිසා (ලැබුණු අවස්ථාවෙන්) ත්‍රස්ත විමර්ශන ඒකකය විසින් සහරාන් ඇතුළු කල්ලිය අත්තඩංගුවට ගැනීමට දේශීය වශයෙන් සහ ජාත්‍යන්තර වශයෙන් වරෙන්තු ලබා ගන්නා ලදී.
10. නාමල් කුමාර නැමැත්තා විසින් මාධ්‍ය හමුවක් පවත්වමින් එරෙහි වන්නේ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂ නාලක ද සිල්වාට ය. ඔහුගේ වීරයන් වන්නේ අමිත් වීරසිංහ, ඩෑන් ප්‍රියසාද් සහ නිලන්ත ජයවර්ධනයි.
11. නාමල් කුමාර නැමැත්තාගේ ප්‍රකාශවලට අනුව ක්‍රියාත්මක වූ මෛත්‍රිපාල සිරිසේනගේ ආණ්ඩුව ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂ නාලක ඩි සිල්වා අත්තඩංගුවට ගන්නා ලදී. එයින් එම ක්‍රියාව නතර වූයේ නැත. ඒ මොහොත වෙන විට ත්‍රස්ත විමර්ශන ඒකකයේ සේවය කළ පොලිස් නිලධාරීන් හතර අතේ මාරු කර යවන ලදී. එයින් එක් අයෙකු පසුව මානසික ව්‍යාධියකට පත් වූ අතර අංගොඩ මානසික රෝහලට ඇතුලත් කරන ලද බව වාර්තා විය.
12. ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂ නාලක ඩි සිල්වා අත්තඩංගුවට පත්වීමෙන් පසුව විමර්ශන කණ්ඩායම විසිරුවා හැරීම නිසා, එතෙක් ලබාගෙන තිබූ වරෙන්තු ක්‍රියාත්මක කිරීමට හෝ සහරාන්ගේ මූල්‍ය ජාලයන් පසුපස ලුහුබැඳීමට සිටි නිලධාරීන් නොමැති විය.
13. හඬපට පිළිබඳව මාධ්‍ය ඉදිරියට පැමිණ රංගනයක් සිදු කළ නාමල් කුමාර නැමැත්තාට වැටුප් ලබා දී තිබුණේ ජනාධිපති ලේකම් කාර්යාලයෙන් බව හිටපු පොලිස්පති පූජිත ජයසුන්දර 2020 ඔක්තෝබර් 09 දින පාස්කු ප්‍රහාරය පිළිබඳව විමර්ශනය කළ ජනාධිපති කොමිසම ඉදිරියේ සාක්ෂි ලබා දෙමින් ප්‍රකාශ කරන ලදී.
14. සහරාන් ලවා ක්‍රියාත්මක කරවීමට සැලසුම් කළ මහා කුමන්ත්‍රණය සැලසුම් කළ පරිදි ඉදිරියට ගෙන යාමට පැවති විශාලතම බාධාව ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ විමර්ශන කඩාකප්පල් කිරීමෙන් අවසන් විය.