අධිකරණය මඟින් නිකුත් කර තිබූ වරෙන්තුව හමුවේ දින ගණනාවක් තිස්සේ සැඟව සිටි පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් තිනියාවල ප්‍රදේශයේදී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

උන්වහන්සේ අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස නිකුත් කර තිබූ විධානය ප්‍රකාරව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් ප්‍රදානය කර තිබූ පොදු සමාව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පසුගියදා බලරහිත කරන ලදී. එම තීන්දුවෙන් පසු වරෙන්තු නිකුත් වී තිබියදී උන්වහන්සේ මෙලෙස දින ගණනාවක් පොලීසියට වසන්ව සැඟව සිටියදී මෙහෙයුමක් මඟින් සොයාගෙන තිබේ.