මහින්ද රාජපක්ෂ දෙවන වරට ජනාධිපති ධුරය දැරූ සමයේදී මත්තල මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත නීතිවිරෝධී ලෙස ගුවනින් රැගෙන ආ රත්‍රන් සහ ස්වර්ණාභරණ තොගයක් නිදහස් කර යවා ඇති බවට තොරතුරු අනාවරණය වේ.

මාධ්‍යවේදී ලසන්ත රුහුණගේ විසින් රචිත “රාජපක්ෂ සමාගම” නම් කෘතිය මඟින් මෙම කරුණු හෙළි කර තිබේ. එම කෘතියට අනුව, සියදිවි නසාගත් හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් රවීන්ද්‍ර ප්‍රනාන්දුගේ ඥාතියෙකු විසින් මෙම රත්‍රන් තොගය මෙරටට රැගෙන විත් ඇත.

එවකට මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කළ ජනාධිපති මහින්ද රාජපක්ෂ ලබා දුන් නියෝගයකට අනුව සහ එවකට හිටපු රේගු අධිකාරි ජගත් විජේවීර වෙත සිදුකළ බලපෑම් මත අදාළ රත්‍රන් තොගය නිදහස් කර ඇති බව එහි සඳහන් වේ.

තවද, 2013 වසරේ ජුනි මස 12 වන දින මත්තල ගුවන් තොටුපොළ වෙත පැමිණි UC827 දරන ගුවන් යානය මඟින් මෙම රත්‍රන් තොගය රැගෙන විත් තිබූ බව ලසන්ත රුහුණගේ සිය කෘතිය ඔස්සේ වැඩිදුරටත් අනාවරණය කර ඇත.