22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව පාක්ෂිකයින් පාරට බස්සවා වැස්සේ තෙමෙන්නට හැර, තමන්ගේ හිතවතුන් අතළොස්සක් පමණක් පාර්ලිමේන්තු ආපනශාලාවට කැඳවාගෙන ගොස් සුපිරි සංග්‍රහ පැවැත්වීමේ අපූරු සිදුවීමක් සජිත් ප්‍රේමදාස ප්‍රමුඛ සමගි ජන බලවේගයෙන් අද (24) වාර්තා විය.
අද උදෑසන පොල්දූව මංසන්ධියෙන් ඇරඹි මෙම උද්ඝෝෂණය දහවල් වන තෙක්ම පැවැත්වුණු අතර, ඒ අතරතුර පාර්ලිමේන්තු ආපනශාලාව තුළ පෙර නොවූ විරූ දැඩි තදබදයක් හටගෙන තිබිණි.
ඊට හේතුවී ඇත්තේ, ජනතාවගේ දුක ගැන වේදිකා දෙදරන්නට කතා කරන සමගි ජන බලවේගයේ සමහර කණ්ඩායම් විසින්, උද්ඝෝෂණයට පැමිණි පිරිස් අතුරින් තමන්ට ඉතාම සමීප හිතවත් අතළොස්සක් පමණක් තෝරාගෙන පාර්ලිමේන්තු සංකීර්ණය තුළට කැඳවාගෙන ගොස් කෑම බීම ලබාදීමට කටයුතු කිරීමයි.
උද්ඝෝෂණය වෙනුවෙන් කැඳවාගෙන ආ බහුතරයක් අහිංසක පාක්ෂිකයින් ඇදහැලුණු වර්ෂාවට තෙමෙමින්, ආහාර පවා නොමැතිව මහමඟ දැඩි අපහසුතාවයට පත්ව සිටියදී, සජිත්ගේ නායකත්වයේ හිතවතුන්ට පමණක් මෙලෙස පාර්ලිමේන්තු ආපනශාලාවේ වායුසමනය කළ පරිසරය තුළ විශේෂ සැලකිලි ලැබීම උද්ඝෝෂකයින් අතරම දැඩි කතාබහටත්, උපහාසයටත් ලක්ව තිබේ. ජනතාව වැස්සට තෙමෙද්දී තමන්ගේ සමීපතමයින්ට පමණක් බඩපුරවා ගැනීමට සැලැස්වූ මෙම දේශපාලන ප්‍රයෝගය හමුවේ, උද්ඝෝෂණයට පැමිණි ජනතාව අතරින්ම නායකත්වයට එරෙහිව දැඩි දෝෂාරෝපණ එල්ල වෙමින් පවතී.