පාස්කු ප්‍රහාර නඩුවේ තෙවැනි සැකකාර මේජර් ජෙනරාල් (විශ්‍රාමික) සුරේෂ් සලේ සම්බන්ධයෙන් ප්‍රකාශ සිදුකළ විපක්ෂ නායකවරයා ඇතුළු දේශපාලනඥයන්ගෙන් සහ මාධ්‍යවේදීන්ගෙන් ප්‍රකාශ සටහන් කරගැනීමට බලාපොරොත්තු වන බව නීතිපති දෙපාර්තමේන්තුව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී ඇත.

දින 100කට අධික කාලයක් රෝහල්ගතව සිටි සැකකරුගේ හෘද ප්‍රතිකාර අවසන්ව සාමාන්‍ය වාට්ටුවකට මාරු කර ඇති අතර, ලබන 28 වනදා වනවිට රෝහලෙන් මුදාහැරීම සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට නියමිත බව මෙහිදී අනාවරණය විය. එසේම, අධිකරණ නියෝග මධ්‍යයේ වුවද අත්අඩංගුවට ගත් ලැප්ටොප් පරිගණකයේ මුරපදය සැකකරු විසින් මෙතෙක් ලබාදී නොමැති බවද අධිකරණයේදී ප්‍රකාශ විය.

Previous Post