විශේෂංග
0 min read
11

සලේ සැලේ !

September 23, 2026
0
සලේ සැලේ !

පාස්කු ඉරුදින එල්ල කරන ලද ම්ලේච්ඡ ප්‍රහාරය සම්බන්ධයෙන් පැවැත්වෙන පරීක්ෂණ සඳහා අධිකරණ නියෝග මත රඳවා සිටින සුරේෂ් සලේ වෙනුවෙන් ඔහුගේ හිතවතුන් විසින් මේ දක්වා අනුගමනය කළ විවිධ උපක්‍රම අසාර්ථක වී ඇති බව වාර්තා වේ.

එම අසාර්ථක වීමත් සමඟ කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ සුවිශේෂී වරප්‍රසාද මත රඳවා සිටි සුරේෂ් සලේ, හදිසියේම පසුගිය 21 වන දින සාමාන්‍ය වාට්ටුවකට මාරු කර තිබේ. කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂවරයා අධිකරණය හමුවේ පෞද්ගලිකව පෙනී සිටිය යුතු බවට ලබාදුන් නියෝගයත් සමඟ සලේ සහ ඔහු වෙනුවෙන් ක්‍රියාත්මක වූ කණ්ඩායම් බියට පත්ව ඇති බව සඳහන් වේ.

ඊයේ (22) අධිකරණය ඉදිරියේ පෙනී සිටි ජාතික රෝහලේ අධ්‍යක්ෂවරයා ප්‍රකාශ කර ඇත්තේ සුරේෂ් සලේ සාමාන්‍ය වාට්ටුවකට මාරු කර ඇති බවයි.

එමෙන්ම ඔහු වෙනුවෙන් රුපියල් ලක්ෂ 40ක පමණ හදවත් උපකරණයක් සවි කර ඇති බවද අධ්‍යක්ෂවරයා එහිදී ප්‍රකාශ කර ඇති අතර, ඉදිරියේදී තමන් වෙනුවෙන් නීතිපතිවරයාගේ උපදෙස් අවශ්‍ය බවද ඔහු අධිකරණයට දන්වා ඇත.