පාර්ලිමේන්තු මන්ත්‍රී වරප්‍රසාද භාවිත කරමින් විපක්ෂයේ ඇතැම් කණ්ඩායම් තම සමාජ මාධ්‍ය ඇතුළු ප්‍රචාරක යාන්ත්‍රණයන් ඉලක්ක කර ගනිමින් ප්‍රකාශ සිදු කිරීම සහ ඉන් අනතුරුව සභා ගැබෙහි නොරැඳී පිටව යාම පිළිබඳව දේශපාලන ක්ෂේත්‍රයේ අවධානයක් යොමුව තිබේ.
පසුගිය සැසියකදී පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ විසින් තමන් කිසිසේත් පසුපස දොරෙන් පිටත්ව නොයන බවට උද්වේගකර ප්‍රකාශයක් සිදු කරන ලදී. කෙසේ වෙතත්, ඔහුගේ එම කතාවෙන් පසුව ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නජිත් ඉන්දික සභාව ඇමතීමට සූදානම් වනවාත් සමඟම නාමල් රාජපක්ෂ සභා ගැබෙන් පිටත්ව ගොස් ඇත. වෛද්‍ය නජිත් ඉන්දික විසින් නාමල් රාජපක්ෂගේ නම සඳහන් කරමින් සභා ගැබේ රැඳී සිටින ලෙස අභියෝග කළ ද ඔහු එහි රැඳී නොසිටි අතර, මෙම සිදුවීම සති අන්ත දේශපාලන විශ්ලේෂකයන්ගේ ද විශේෂ අවධානයට ලක්ව තිබේ.
මෙම සිදුවීමත් සමඟ, මීට පෙර මහින්ද රාජපක්ෂ ඇතුළු පවුලේ සාමාජිකයන් අරලියගහ මන්දිරයෙන් පිටත්ව ගොස් ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුරේ රැඳී සිටීම, බැසිල් රාජපක්ෂ ශ්‍රී ලංකාවෙන් ඇමරිකාව බලා පිටත්ව යාම සහ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරය අත්හැර මෙරටින් පිටව යාම පිළිබඳ අතීත මතකයන් සමාජ මාධ්‍ය ඔස්සේ නැවත වරක් සාකච්ඡාවට බඳුන් වෙමින් පවතී.
